ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් පහළ යෑමක්

ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කරයි

ජනවාරි මාසයේදී 60 කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව ද 24ක් දක්වා අඩු වී තිබෙයි

ඒ අනුව පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 5,181ක් බවයි වාර්තා වන අතර
ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417 දෙනෙකු හඳුනා ගැණුනි.

The post ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් පහළ යෑමක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina