නායක සංඝයන්ට පරණ ගාය ආයෙත්: මහින්ද රහසේ හමුවී රට බේරා ගන්නැයි ඉල්ලයි!

ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තියට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් පොහොට්ටුවේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ද මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය අනුදැන වදාරා තිබේ. එබැවින් ඊට කැපවීම කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා ලෙස මහින්ද රාජපක්ෂගේ වගකීම බවද එම නාහිමිවරුන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

කොළඹ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක ජනමාධ්‍යයටද විවෘත නොකොට පවත්වන ලද අතිශය රහසිගත සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතාට නායක හිමිවරු මෙකී කාරණා දැනුම් දුන්හ. හිටපු ජනාධිපතිවරයා සමඟ පොහොට්ටුවේ ප්‍රධානීන් 8 දෙනකු ද මෙම හමුවට එක්වූ අතර ඊට සහභාගි වූ නායක හිමිවරුන් මෙරට ප්‍රධානම පෙළේ යතිවරුන් වූ බවද වාර්තා වෙයි. උන්වහන්සේලා ත්‍රෛනිකායම නියෝජනය කළ බව වැඩිදුරටත් සඳහන්ය.

කටුනායක, මත්තල, රත්මලාන ගුවන් තොටුපොළවල් මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් රාජ්‍ය ව්‍යවසායන් විදේශිකයන්ට පැවරීම අනාගතයේ බරපතළ ප්‍රතිවිපාක ඇති කරවන බවද එම නාහිමිවරුන් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන් බව වැඩිදුරටත් වාර්තා වෙයි. පොහොට්ටු නායකයන් සමඟ ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් 10 දෙනකු පමණ මෙකී සාකච්ඡාව සඳහා වැඩිදුරටත් එක්වූ අතර එහිදී උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ පසුගිය මහ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් ජනවරම ලබා දුන්නේ පොහොට්ටුවට බැවින් එහි නායකයන් මෙම තත්ත්වය වැළැක්විය යුතු බවය.

The post නායක සංඝයන්ට පරණ ගාය ආයෙත්: මහින්ද රහසේ හමුවී රට බේරා ගන්නැයි ඉල්ලයි! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka