“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි.
නව සන්ධාන ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී සිටින අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා.
නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවැත්වෙන කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, හිටපු නගරාධිපතිවරුන්, කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් 58 ක් එක් වෙයි.
නව සන්ධාන වැඩපිළිවෙළට සහය දක්වමින් එම පිරිස එක් වී තිබෙනවා.
මේ අතර නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.
The post නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක්: මන්ත්‍රීන් 58ක් වේදිකාවට ගොඩ වෙයි! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.
Source:: Info Sri Lanka