රූපවාහිනී සභාපති අස්වී රටිනුත් යයි: හිස් පුටුව හිටපු DG අසංගට!

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සහ පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට දැනටමත් තීන්දු කර ඇත.

මීට පෙර ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අසංග ජයලත් මහතා පුරප්පඩු වූ සභාපතිදුරයට පත් කිරීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මොහු, ඩිජිටල් යුගයේ දැන්වීම් නිර්මාණකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය සම්බන්ධිකරන ලේකම්වරයකු ලෙස සේවයකර ඇති අසංග ජයලත්, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක දැන්වීම්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය දායකත්වය සපයා ඇත.

cia.lk වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන මොහු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳුණු දැනුම සහ තාක්ෂණය පිළිබඳව විදේශ රටවල් ගණනාවකම පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගීවී අත්දැකීම් ලැබුවෙකි.

The post රූපවාහිනී සභාපති අස්වී රටිනුත් යයි: හිස් පුටුව හිටපු DG අසංගට! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka