ජාතික ආරක්ෂාවට තර්ජනයක්: NGO 38,000කින් ලියාපදිංචිය 1,783ක් පමණයි!

මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන තිස්අට දහසක් (38,000) ක්‍රියාත්මක වන නමුත් එයින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ සංවිධාන 1783ක් බව එම කාර්යාලය සඳහන් කරයි. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ.

මෙම ආයතන පාලනය කිරීමට 1980 දක්වා නීතියක් නොතිබිණි. වර්ෂ 1980 දී රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ සුපරීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත මුලින්ම සකස් කරනු ලැබීය.

කාලීන අවශ්‍යතා අනුව එය සංශෝධනය කොට නව පනතක් ලෙස මැතිසබයට ඉදිරිපත් කිරීම සඳහා දැනට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවට වාර්තා වන අතර මේ පිළිබඳව වැඩිදුර විමසීමට රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා සම්බන්ධ කරගැනිමට උත්සහ කළ ද එය සාර්ථක වුයේ නැත.

The post ජාතික ආරක්ෂාවට තර්ජනයක්: NGO 38,000කින් ලියාපදිංචිය 1,783ක් පමණයි! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka