විරෝධතාකරුවන් රට යවන්න මනූෂගෙන් නව යෝජනාවක්!

පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ ආකාරයට අනෙක් රටවලටත් යවලා ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා නම්, අනෙක් රටවල් සමගත් එක්ව පාඩුලබන ආයතන විධිමත් කර නව රැකියා අවස්ථා බිහි කිරීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේබව සඳහන් කර සිටියේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ්‍ය විසින් ඊට අනුබද්ධිත ආයතනවල සේවාවන් ගමට ගෙනයාමට ආරම්භ කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ඊයේ (23) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවති අවස්ථාවේදීය.

මෙහිදී මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සේවකයිනගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ගරුසරු වැඩසටහනද ක්‍රියාත්මක විය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“මේසන් බාස්වරුන්, වඩු බාස්වරුන්, ජල නල කාර්මිකයින් ඇතුලු පිරිසට මීට පෙර ලබාගත් දැණුම පෙන්වා අද මෙම ස්ථානයට පැමිණ තිබෙන නයිටා ආයතනයෙන් සහ වෘත්තීය පුහුණු අධිකාරියේ ලියාපදිංචි වෙලා සහතික ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ අදාල නිලධාරියාව තමන්ට වෘත්තීය පුහුණුව අවශ්‍යයි කියලා හෝ නැත්තම් තමන්ට පුහුණුව තියෙනවා ඒ නිසා මට ඊට අදාල සහතික දෙන්න කියල දැනුවත් කරන්න. එවිට ඊට අදාල මුදල අපි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විදිහට ගෙවන්න සුදානම්. මේ රටේ වෘත්තියන් වල නිතරවෙලා ඉන්න ඒත් සහතික නැති සියලුදෙනාටම රජයේ අරමුදල් වලින් සහතික ලබාදීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා. ‍අදත් මෙතනට රට යන්න අපෙක්ෂාවෙන් විශාල පිරිසක් ඇවිත් ඉන්නවා.

මෙතන විදේශ රැකියා නියෝජිත ආයතන විශාල සංඛ්‍යාවකුත් තියෙනවා. එ්ත් මේ අයාතන ඉල්ලන්නේ සුදුසුකම්. මේ ආයතන රැකියා රැසක් අරගෙන ඇවිත් තියෙනවා. නුමත් අපි සහතික නොමැති වීම නිසා ගැටලුවට මුහුණදෙනවා. ඒත් මේ සහතික ගන්න වියදම ජනාධිපතිවරයා දරනවා. ඒකත් ඔබට ලැබෙන තෑග්ගක්. කම්කරු දෙපාර්තමේන්තුව යටතට ඔබව ඇතුලත් වෙන්නේ නැහැ. ඒත් අනිත වෘත්තිකයින්ට විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපක් තියෙනවා. පුද්ගලික අංශයේ අයට සේවක ආර්ථ සාධක අරමුදල් තියෙනවා. ඒ වගේම ඔවුන්ට ආපදා රක්ෂණ තියෙනවා. පුද්ගලික අංශයේ අයටත් අනතුරක් වුනොත් ඒකට වන්දි ගෙවන ක්‍රමයක් තියෙනවා. ඒත් ඔබට එවැනි ක්‍රමවේදයක් නැහැ. ඔබට අනතුරක් වුනෝත් ඔබේ පවුල රැකබලා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒක …read more

Source:: Info Sri Lanka