ජනාධිපතිවරයා උරුමය හැරයෑමේ අභියෝගය භාරගැනීමට අවශ්‍ය වේ

ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී. ජනාධිපතිවරණය පැවැත්විය යුතුද යන්න පිළිබඳව සංවාදයක්ද මතුවෙමින් තිබේ. රට සංවර්ධනය කරා ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මීට වඩා කාලයක් ලබාදිය යුතු බව සිතන බොහෝදෙනෙක් සිටිති. එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ එවැන්නකු විය හැකිය. ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය විස්තර කර ඇත්තේ, ඔහු ගනුදෙනු කරන ලෝකයේ විශාලතම සාර්ථක කථාවලින් එකක් ලෙසය. අනෙක් අතට හැකි ඉක්මනින් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට තර්ක කරන තවත් පිරිසක් සිටිති. මෙමගින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ උනන්දුව නැතිකර දමන බව පෙනේ.

ඡන්දයෙන් තේරී පත්වන්නන් විසින් බලහත්කාරයට හා අපයෝජනයට ලක්කරන තනතුරක් ලෙස සාමාන්‍යයෙන් රට තුළ විශ්වාස කරන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් ඇත්ත වශයෙන්ම පවතී. මෙම තර්කය පසුගිය ජනාධිපතිවරණවලදී හිටපු ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු විසින්ම මැතිවරණ ප්‍රචාරක තේමාවක් බවට පත්කර ඇත. එහෙත් ඔවුන් මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් වූ අතර, ඒ වෙනුවට තමන්ට හැකිතාක් කල් එම ධූරයේ රැඳීසිටීමට දැඩි උත්සාහයක් දැරූ අතර, එමගින් අද දක්වාම විධායක ජනාධිපති ධූරය පවතින්නේ මන්දැයි යන්න පැහැදිලි කරයි. ජනාධිපති ධූරය ජයග්‍රහණය කරන පුද්ගලයන් විසින් එය අහෝසි කිරීමට බලාපොරොත්තු වේ යැයි විශ්වාසයක් නැති නිසා, ජනාධිපතිවරණයට පෙර ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට මතයක් ගොඩනැගෙමින් තිබේ. ජනාධිපති ආණ්ඩු ක්‍රමය විසින් රට ආර්ථික ව්‍යසනයකට රට ගෙනයෑමත් මෙම උත්සාහය ඉක්මන්වීමට තවත් හේතුවකි. කෙසේවෙතත්, මෙම යෝජනාවේ ප්‍රායෝගිකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.

වත්මන් ආණ්ඩු ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය ලෙස හඳුන්වනු ලබන්නේ ජනාධිපති ක්‍රමයට ලබා දී ඇති ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය කාර්යභාරය නිසාය. කෙසේවෙතත් මෙම ප්‍රධාන ආයතනය අහෝසි කිරීම, පවතින පාලන ව්‍යූහයට ඇතිකරන මාරාන්තික තුවාලයක් බඳු වනු ඇතැයිද සිතිය හැකිය. එහෙත් දක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් ඇතිවන සිදුර පිරවිය හැකි බවට තර්ක කළ හැකිය. කෙසේවෙතත්, දැනට නිශ්චිතව දැකගත නොහැකි මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය යන දෙඅංශයෙන්ම දේශපාලන එකඟතාවයක් නොමැති තත්ත්වයක් තුළ, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි වේගය ප්‍රශ්නාර්ථයකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නම්, විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ක්‍රියාත්මක කෙරෙන නව ක්‍රමය පිළිබඳව ජනතාව සහ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ඉතා අවශ්‍ය වේ. එය වාර්ගික සහ ආගමික සුළුතරයන්ගේද අපේක්ෂාවන් සහ අභිලාෂයන් සපුරාලන එකක් විය යුතුය. වර්තමානයේ එවැනි එකඟතාවක් නොමැත.

ජනප්‍රිය නොවන ආණ්ඩුව

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ අවස්ථාවල සාකච්ඡා වී තිබේ. කෙසේවෙතත්, අරගල විරෝධතා සහ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ තත්ත්වයන් බෙහෙවින් වෙනස් වී ඇති මේ මොහොතේ, ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂවල අදහස් විමසීමේ අවශ්‍යතාව, අතීතයේ ඉදිරිපත්වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රමවලට ආදේශ කළ නොහැක. ජනවාර්ගික ගැටුමට විසඳුමක් සහ ජනවාර්ගික හා ආගමික සුළුතරයන් පාලනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් නොමැති තැන, වෙනස වේදනාකාරී ලෙස සෙමින් සිදුවන බව පිළිගැනීම අවශ්‍ය වේ. 2017 දී ආරම්භ වූ පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ වැඩසටහන, වසර පහක් ඉක්මගොස් තිබියදීත්, තවමත් අවසන් කර, පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලබාදී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්කර වසර 36ක් ගතවී ඇතත්, එම පළාත් සභා ක්‍රියා විරහිතව පවතින අතර, කිසිදු අවස්ථාවක ක්‍රියාත්මක නොවූ පොලිස් බලතල අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී තිබීමද විශේෂත්වයකි. විශේෂයෙන්ම සියලුදෙනාම මැතිවරණ කෙරෙහි අවධානය යොමුකර ඇති විට, ව්‍යවස්ථාමය වෙනස පිළිබඳව කඩිනමින් සොයාබැලීම විකල්පයක් නොවන බව පෙනේ.

ජනමත විමසුම් මගින් නැවත නැවතත් පෙන්නුම් කරන්නේ, විපක්ෂයේ අපේක්ෂකයන් සැළකිව යුතු පරතරයකින් ජනාධිපති තරඟයෙන් ඉදිරියෙන් සිටින බවයි. මෙම මත විමසුම් ප්‍රතිඵල යථාර්ථයට සමීප නම්, අති බහුතරයක් ජනතාව මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවට අනුමාන කළ හැකිය. එය, ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වයෙන් බලයේ සිටින ආණ්ඩුව පළවාහැරිය හැකි, අන් සියල්ලටම වඩා අවශ්‍ය මැතිවරණයක් බවට ඔවුන් විසින් සළකනවා විය හැකිය. මීට වසර දෙකකට පෙර ආණ්ඩුව කෙතරම් දුර්වලව පැවැතියේද යත්, එහි ප්‍රමුඛ සාමාජිකයෝ මැර කෝපයට බියෙන් ජනතාව අතරට පැමිණීමට එඩිතර නොවූහ. සමහරු විවාහ උත්සවවලදී පවා ගැටලුවලට මුහුණ දුන් අතර, එම ප්‍රීතිමත් අවස්ථාවන්ට පැමිණි අය පවා රට බංකොලොත් කළ බවට ඔවුන්ට චෝදනා කරමින් හූ කියා තිබිණි. දැන් ඔවුන්ට පොදු උත්සවවලට, නොබියව සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්ට ඕනෑම සිදුවීමකට මුහුණදිය හැකි බවට සාධාරණ විශ්වාසයකින් යුතුව සහභාගීවීමට හැකි වී තිබේ.

බලය අහිමිවීමේ බිය හේතුවෙන් දේශපාලන නායකයන්ගේ බලය පිළිබඳ දැක්ම කිසිවිටෙකත් සතුටුදායක එකක් වන්නේ නැත. අමෙරිකාව වැනි දියුණු රටවල් පවා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී තිබේ. 2020 පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, මැතිවරණය වංචා කළ බව ප්‍රකාශ කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල බලයේ සිටින අයගේ බලය පිළිබඳ ආශාව ඊටත් වඩා බලවත් වේ. මන්ද බලය අහිමි වීමෙන්, බලයේ සිටින තැනැත්තා පළිගැනීම්වලට ගොදුරු විය හැකි අතර, එමඟින් ඔවුන් ආරක්ෂා කිරීමට පසු ක්‍රියාවලීන් සමත් නොවේ. විශේෂයෙන් නව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වෙනස් දේශපාලන මතවාදයක් ඇති අයගෙන් සමන්විත වන්නේ නම්, මැතිවරණ පරාජයෙන් පසු නොදන්නා අනාගතයකට මුහුණදීමේ අපේක්ෂාව විසින් ආණ්ඩුවේ සිටින අනෙක් අයද නොසන්සුන් කරනු ඇත.

වඩාත්ම නොසැලකිලිමත්කම

වත්මන් ආණ්ඩුව යනු, රටේ සෑම ප්‍රදේශයකින්ම දසදහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ අරගල විරෝධතා ව්‍යාපාරයට මුහුණදීමට සිදු වූ ආණ්ඩුවේම දිගුවකි. එම ගැටලුකාරී දිනවලදී, දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම යතුරුපැදිවලින්, ට්‍රැක්ටර් ටේලර්වලින් සහ ලොරිවලින් මෙන්ම පා ගමනින් තරුණ, මහලු විරෝධතාකරුවන් පැමිණියේ ඔවුන් සහභාගී වෙමින් සිටින බව සිතූ ඓතිහාසික විප්ලවයක කොටසක් බවට පත්වීමටය. ශ්‍රී ලංකාව දේශපාලනිකව පිබිදී එහි පූර්ණ ආර්ථික විභවය වෙත නැගී සිටිනු දැකීමට පවතින කැමැත්ත ඔවුන් සියලුදෙනා තුළම වූ අතර, විවිධ විරෝධතා මධ්‍යස්ථානවලට පැමිණීමට විශාල කැපකිරීම් කිරීමට ඔවුන්ව පොළඹවන ලද ‘පද්ධති වෙනසක්’ පිළිබඳ දැක්ම තවමත් ඔවුන් තුළ තරමක් දුරින් වුව පවතී. ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන ලෙස අවධානයට පාත්‍රවනු ඇත්තේ, දූෂණය මුලිනුපුටා දමන සහ බංකොලොත්භාවයෙන් මිදීමේ පිරිවැය සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කරන, ක්‍රම වෙනසක් පිළිබඳ බලාපොරොත්තුව වඩාත් හොඳින් තහවුරු කරන අයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධීපතිවරණය පැවැත්වීමට නියමිත ඔක්තෝම්බර් මාසයේදී ආණ්ඩු වෙනසක් ඇති කිරීමට ජනතාවට අවස්ථාව උදාවනු ඇත. ආණ්ඩුවේ සාමාජිකයන්ගේ කැමැත්ත ඇත්තේ, එම මැතිවරණ නොපැවැත්වෙනවා නම් ය. නැතිනම් හැකිතාක් එය කල් කල්දමනවා නම් ය. 2022 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය මැතිවරණ කොමිසමට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන්, එය නොපවත්වන බව සහතික කළේය. එම මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුවේ අධිෂ්ඨානය ඉහළ මට්ටමක පැවතිණි. මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මුදල් ලබාදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පවා ආණ්ඩුව නොසළකා හැරියේය. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලටම පටහැණි උඩඟු ක්‍රියාවකි. යම් හේතුවක් මත ජනාධිපතිවරණය ද එලෙසම කල් යනු ඇතැයි කනස්සල්ලක් පවතී.

කෙසේවෙතත්, මෙම අවස්ථාවේදී ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත්තේ, නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. ලබන වසරේ මහමැතිවරණය පැවැත්වෙන අතර, ඒ සඳහා 2025 අයවැයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර, රජය අවශ්‍ය විටදී කොමිසම සමඟ සන්නිවේදනය කරන බවද රජය ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පසුගියදා තමන් හමුවූ මන්ත්‍රීවරුන් පිරිසකට යළිත් අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරණය නියමිත වේලාවට පවත්වන බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීමක් සිදුනොවන බවත්ය. රාජ්‍යතාන්ත්‍රික ආකාරයෙන් කතාකරන ජනාධිපතිවරයා, “ජනාධිපතිවරණය කල්දැමීමට මගේ අදහසක් නැති බව මම කිහිපවතාවක්ම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අරමුදල් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහයක් ගැන කතාකළේ ප්‍රධාන විපක්ෂයෙන්” යැයි පවසා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කඩිමුඩියේ කළ නොහැකි බව විපක්ෂයට වඩා මේ රටේ ජනතාව හොඳින් දන්නා බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. “ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි ඔවුන්ගේ උගුලට හසු නොවිය යුතුයි. මේ සඳහා ඔබේ කාලය නාස්ති නොකරන්න. අපි ගෙන යන ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළ ගැන ඔබ කතාකරන්න” යැයි ඔහු පවසා ඇත. එසේම, ඉදිරි මැතිවරණයේදී ජයග්‍රාහකයාට අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීමට පහසු වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමෙන්, රටේ විසඳිය නොහැකි ප්‍රශ්නය වන වාර්ගික ගැටුම විසඳීමට ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උත්සාහ කළ හැකිය. ඔහු සාර්ථක වුවත් නැතත්, එමගින් ඔහු එකඟ වූ සහ කිරීමට භාරගත් දේ කළා යැයි ඔහුට සෑහීමකට පත්විය හැකිය.

The post

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී. ජනාධිපතිවරණය පැවැත්විය යුතුද යන්න පිළිබඳව සංවාදයක්ද මතුවෙමින් තිබේ. රට සංවර්ධනය කරා ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මීට වඩා කාලයක් ලබාදිය යුතු බව සිතන බොහෝදෙනෙක් සිටිති. එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ එවැන්නකු විය හැකිය. ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය විස්තර කර ඇත්තේ, ඔහු ගනුදෙනු කරන ලෝකයේ විශාලතම සාර්ථක කථාවලින් එකක් ලෙසය. අනෙක් අතට හැකි ඉක්මනින් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට තර්ක කරන තවත් පිරිසක් සිටිති. මෙමගින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ උනන්දුව නැතිකර දමන බව පෙනේ.

ඡන්දයෙන් තේරී පත්වන්නන් විසින් බලහත්කාරයට හා අපයෝජනයට ලක්කරන තනතුරක් ලෙස සාමාන්‍යයෙන් රට තුළ විශ්වාස කරන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ප්‍රබල අවශ්‍යතාවක් ඇත්ත වශයෙන්ම පවතී. මෙම තර්කය පසුගිය ජනාධිපතිවරණවලදී හිටපු ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු විසින්ම මැතිවරණ ප්‍රචාරක තේමාවක් බවට පත්කර ඇත. එහෙත් ඔවුන් මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් වූ අතර, ඒ වෙනුවට තමන්ට හැකිතාක් කල් එම ධූරයේ රැඳීසිටීමට දැඩි උත්සාහයක් දැරූ අතර, එමගින් අද දක්වාම විධායක ජනාධිපති ධූරය පවතින්නේ මන්දැයි යන්න පැහැදිලි කරයි. ජනාධිපති ධූරය ජයග්‍රහණය කරන පුද්ගලයන් විසින් එය අහෝසි කිරීමට බලාපොරොත්තු වේ යැයි විශ්වාසයක් නැති නිසා, ජනාධිපතිවරණයට පෙර ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට මතයක් ගොඩනැගෙමින් තිබේ. ජනාධිපති ආණ්ඩු ක්‍රමය විසින් රට ආර්ථික ව්‍යසනයකට රට ගෙනයෑමත් මෙම උත්සාහය ඉක්මන්වීමට තවත් හේතුවකි. කෙසේවෙතත්, මෙම යෝජනාවේ ප්‍රායෝගිකභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ.

වත්මන් ආණ්ඩු ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය ලෙස හඳුන්වනු ලබන්නේ ජනාධිපති ක්‍රමයට ලබා දී ඇති ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය කාර්යභාරය නිසාය. කෙසේවෙතත් මෙම ප්‍රධාන ආයතනය අහෝසි කිරීම, පවතින පාලන ව්‍යූහයට ඇතිකරන මාරාන්තික තුවාලයක් බඳු වනු ඇතැයිද සිතිය හැකිය. එහෙත් දක්ෂ ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ජනාධිපති ධූරය අහෝසි …read more

Source:: Colombo Telegraph