කාවන් රත්නායක ලංකා බැංකු මුල් පුටුව: රොනල්ඩ් පෙරේරා සිරිකොතට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව හෙළිවේ.

ඔහුට මෙම ධුරය ලබා දෙන්නේ දැනට සිටින සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඉල්ලා අස්වීමට සැලැස්වීමෙන් ය. රෝලන්ඩ් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස මේ වනවිට නම් කර සිටී.

ලඟදීම ඔහු සිරිකොත මූලස්ථානයේ සිට එම ප්‍රචාරක කටයුතු ආරම්භ කරන බවත් අනාවරණය වී ඇත.

The post කාවන් රත්නායක ලංකා බැංකු මුල් පුටුව: රොනල්ඩ් පෙරේරා සිරිකොතට! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka