රනිල් ජනපති-සජිත් අගමැති කරන්න විදෙස් තානාපති මෙහෙයුමක්: චම්පිකත් රනිල්ට පොතක් දාලා!

සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකගතාවයකට පැමිණෙනු ඇති දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත.

එ් අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී අගමැති දුරය ලබා ගන්නා ලෙසට කෙරෙන ඉල්ලීම් ඉහල ගොස් ඇති බවද සඳහන්ය.

සමගි ජන බලවේගය තුළ සිටින පිරිස් ද අවස්ථා ගණනාවකදීම ප්‍රේමදාස මහතාට මේ පිළිබඳව දන්වා ඇති අතර එසේ නොවන්නේ නම් තමන් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද දන්වා ඇත.

සමගි ජන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාකාරීන් රැසක් ද නැවත රනිල් වික්‍රමසිංහ මහතා ලෙස එක්ක සමග එක්වන ලෙස ප්‍රාදේශීය නායකයන්ගෙන් ද ඉල්ලා ඇති අතර එසේ නොවන්නේ නම් තමනට ද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගෙන ඔහු සමඟ එක්වීමට සිදුවනු ඇති බවද දන්වා තිබේ.

මෙරට පිහිටි ප්‍රධාන පෙළේ තානාපති කාර්යාල දෙකක්ද රනිල් සජිත් එක් කිරීමේ මෙහෙයුමක සිටින බවද වාර්තා වෙයි.

චම්පික පොතක් අරන් ජනපතිට කිට්ටු වෙයි

මේ අතර එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවල අද (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙත පිළිගැන්වීම ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතින් සිදුවිය.

එහිදී මෙම මනුෂ්‍යත්වයේ සන්ධානය තුළින් රට ගොඩ නැගීම සඳහා ලබාදෙනු ලබන දායකත්වය පිළිබඳව සාකච්ජාවක් ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකයන් හා පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ජනරජ පෙරමුණේ නායකයන් අතර සිදුවිය.

මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර මහතා, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හා එක්සත් ජනරජ පක්ෂය වෙනුවෙන් දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් සම්බන්ධ විය.

The post රනිල් ජනපති-සජිත් අගමැති කරන්න විදෙස් තානාපති මෙහෙයුමක්: චම්පිකත් රනිල්ට පොතක් දාලා! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka