රියදුරු බලපත්‍රයට වඩා බර කඳුළු කතාව !

2021 වසරේ බ්‍රිතාන්‍යයේ පුද්ගයෙක් තමන්ගේ රියදුරු විභාගය (Theory Test) සමත් වී තිබුණේ 157 වැනි වතාවේදියි. ඒ සඳහා ඔහු වැය කර තිබූ මුදල £3200 ක්. (පවුමක් රුපියල් 400 ක් ලෙස සැලකුවහොත් රුපියල් 1,280,000) ඒවගේම 117 වන වතාවටත් විභාගයට මුහුණ දුන් කාන්තාවක්ද එවක සිටියා. පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අයෙක් සමත්ව තිබුණේ 60 වැනි අවස්ථාවේදී.

මේ ආකාරයටම රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයත් (Practical Test) අසමත් වීම සිදුවෙනවා. එක් පුගලයෙක් 42 වතාවක් ඊට මුහුණදීම වාර්තාවක්. දැනට මුළු රටේම සමත්වීම 49% ක්. දැනට එක්සත් රාජධාණියේ 40% කට වැඩි පිරිසක් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන්නේ අවස්ථා 6 කට හෝ ඊට වැඩි ගානකට මුහුණ දීමෙන් අනතුරුවයි. මෙය කාලය සහ මුදල් අධික ලෙස වැයවන තත්ත්වයක්.

මේ කරුණු ටික මෙහෙම ලියන්න හිතුනේ කොළඹ විශ්ව විද්‍යාලයේ තරුණ කථිකාචාර්යවරියක් රිය අනතුරකට ලක්ව මිය යාමත් සමග පළවන අදහස් දැකීමත් සමගයි. ඇය යම් සමාජ මට්ටමක සිටි යෞවනියක් නිසා වැඩි කතා බහක් ඇති වීම සංකේතාත්මකව හෝ ඉතා හොඳ දෙයක්. එහෙත් දරුවන්, පවුල් අසරණ කරමින් දිනපතා මෙලෙස මහමග ජීවිත රැසක් අහිමි වෙනවා.

මේ තත්ත්වයන් යම් මට්ටමකට හෝ සමහන් කර ගැනීමට මෙතෙක් ප්‍රමාණවත් සාධනීය පියවර ගෙන ඇති ආකාරයක් දක්නට නැහැ.

මගේ නම් අදහස මේ වැඩේ රියදුරු බලපත්‍රය ලබාදීමේ සිට ආරම්භ විය යුතු බවයි. බ්‍රිතාන්‍ය, යුරෝපය හෝ වෙනත් දියුණු රටවල් මීට උදාහරණ. මහමග කෝටි ගණන් වාහන තිබුණද අනතුරු අවම කරගන්නා ශික්ෂණයක් ඇති රියදුරන් බිහිවී ඇත්තේ එකී මූලාරම්භය නිසයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මීට මාස කිහිපයකට පෙරත් රියදුරු වැරදි සම්බන්ධ දඬුවම් සහ දඩ සංශෝධනයක් එළිදක්වන අයුරු දුටුවා. මූලයට පිළියම් නොදී වැරදි කරන තෙක් සිට දඬුවම් කිරීමෙන් පමණක් ආරක්ෂිත රිය පැදවීමට පෙළඹවීම පහසු නැහැ. ඒත් හැමදාම මඩේ දාමින් සෝදන බවක් පමණයි පේන්න තිබෙන්නේ.

ලංකාවේ බහුතරයක් රිය පදවන්නේ හදිස්සිය සමගයි. අනෙකා කෙරෙහි ඇති ආකල්පය ඇත්තේ ඉතා නරක තැනක. බංග්ලාදේශයේ හෝ අප්‍රිකානු නොදියුණු රටකට පමණයි ලංකාවට දෙවැනි වන්නේ. පුද්ගලිකව ගතහොත් මා ලංකාවේ රියදුරු …read more

Source:: News Tube