මීගමුවේ ,හැමිල්ටන් ඇල ගඳ ගහයි

මීගමුව නගරයට අලංකාරයක් එක් කරන , මීගමු නගරයේ අනන්‍යතාවයේ සලකුණක් වූ , හැමිල්ටන් ඇල, මේ වන විට දැඩි ලෙස අපවිත්වී දූෂණයට ලක් වී තිබේ. මීගමුව තුළ හැමිල්ටන් ඇළ මාර්ගය ඔස්සේ භූමිතෙල් ඇන්ජින් සවිකල කුඩා ධීවර බෝට්ටු එකසිය පනහකට වැඩි සංඛ්යාවක් මහ මුහුද හා කලපුව වෙත ධාවනය වේ. මේ නිසාවෙන්ම
එම භූමිතෙල් ඇන්ජින්වලින් නික්මෙන දුමාරය නිසා හැමිල්ටන් ඇලේ ජලය දැඩි ලෙස දූෂිත වී, තද කළු පැහැ ගැන්වී ඇති ආකාරය දැක ගත හැකිය. එලෙසම මීගමු නගරයේ ඇති අපවිත්ර ජලය ගලා බැසීමට තනා ඇති බොහෝමයක් කාණු ද හරවා ඇත්තේ හැමිල්ටන් ඇලටයි. එමෙන්ම සමහර කඩ සහ නිවාස වල ඇති වැසිකිළි වලවල් ද හරවා ඇත්තේ හැමිල්ටන් ඇලටයි. උදාහරණයක් ලෙස අසරප්පා වත්ත නැමැති ඉඩම් කොටස තුල තනා ඇති නිවාස වල පවුල් තිස්පහකට වැඩි ප්රමාණයක් ජීවත් වෙන අතර ,එහි ඇති සියලු නිවාස වල තනා ඇති වැසිකිළිවල මල අපද්රව්ය නල හරවා ඇත්තේ හැමිලටන් ඇලටය.
මෙවන් පසුබිමක් තුළ මේ වන විට හැමිල්ටන් ඇළෙන් දැඩි දුර්ගන්ධයක් හමන අතර ඇල දෙපස පදිංචි වී සිටින අයට හුස්ම ගැනීමේ අපහසුතාවයන් වලට ලක්වී ශ්වසන ආබාධ වලට ලක්වීමේ වැඩි ඉඩ කඩක් ද පවතී. වැසි කාලයන්හිදී හැමිල්ටන් ඇළ උතුරා යාමෙන් එහි අපවිත්ර වූ ජලය ඇල දෙපස පදිංචි ජනතාවගේ නිවාස වෙත ගලායාමෙන් එම ජනයාට දැඩි දුෂ්කරතා රැසකට ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවනු ඇත .
මීගමුවෙි, හැමිල්ටන් ඇල හොඳින් නිරීක්ෂණය කරන ,විට ඇලේ සමහර තැන්වල දිය මතුපිට තෙල් පැල්ලම් වැනි යමක් පා වෙනු දැක ගත හැකිය.අවසන් වතාවට හැමිල්ටන් …read more

Source:: Meepura