ගිහිල්ලාම බලන්න – ‘ CHAI KARAK ‘

සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් වෙනස්ම වෙනස් විදිහකට වෙනස් දෙයක් කරමින් තමන් වෙත පැමි⁣ණෙන පාරිභෝගිකයින්ට යහපත් සෞඛ්‍ය සම්පන්න දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දිමේ අරමු⁣ණෙන් යුතුව මෑතකදී මීගමුව නගරයේ ආරම්භ කළ ” චායි කරක් ” නම් නව ආපනශාලාව පිළිබඳව තැබෙන සටහනකි.
මීගමුව නගරයේ සතොස ගොඩනැගිල්ල අසල මීට සය මසකට පමණ පෙර ආරම්භ වූ මෙම ස්ථානයේදී ඔබ ප්‍රිය කරන කෙටි කෑම වර්ග , (short eats) බනිස් වර්ග, කේක්,ඩෝනට් , විවිධ රසින් යුත් අයිස් ක්‍රීම්, පළතුරු යුෂ වර්ග ආදී ආහාර පාන මෙහිදී ඔබට ලබා ගැනීමට හැකිය. එහෙත් ඔබට මෙම අවන්හලෙන් වෙනත් ආපනශාලා සහ හෝටල්වලින් මිලදී ගත හැකි සුපුරුදු මැෂින් කෝපි සහ මැෂින් තේ දැකගත නොහැක. එය මෙම අවන්හලේ ඇති විශේෂත්වයකි.

මෙහිදී සාම්ප්‍රදායික මැෂින් තේ සහ කෝපි පානයන් වෙනුවට මෙම අවන්හලේන් ” චායි ටී” (CHAI TEA) නැමැති ජාත්‍යන්තර මටිටමෙි අවන්හල් සහ හෝටල්වල පමනක් දැකිය හැකි තේ පානයක් හඳුන්වා දී ඇත. ⁣මෙහි තේ වලට අමතරව බෙහෙත් ඉඟුරු ,එනසාල්,කරාඹුනැටි,සහ නැවුම් එළකිරි ආදීයෙන් සමන්විතය . ⁣” චායි කරක් ” ආපන ශාලාවේ අයිතිකාරිනය වන ගයාත්‍රී දේවින්දි සඳහන් කරන්නේ ” චායි ටී ” යනු විදේශයන් හී පිලිගැනෙන සෞඛ්‍ය සම්පන්න සහ ගුණාත්මක ආහාරමය පානයක් ලෙසය.

මීගමු නගරයට පැමිණෙන ඔබත් “”චායි කරක් ” වෙත ගොස් එහි වූ නව වෙනස අත්විඳින්න. එලෙසම ඔවුන්ගේ නවතම හඳුන්වාදීම වන “” චායි ටී”” එකක රස බලන්න ද අමතක නොකරන්න.

…read more

Source:: Meepura