මාලිමාවේ කැබිනට් මණ්ඩලය හෙළි වෙයි!

මේ වන විට රටේ පිරිසක් තමන්ගේ ආණ්ඩුවේ කැබිනට් තනතුරු පිළිබඳව විමසීම් කරන අබව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා.

ඔහු කියන්නේ මීළඟට මේ රටේ පත්වෙන කැබිනට් මණ්ඩලය යනු වෙනස් අත්දැකීමක් මෙරට දේශපාලනයට ගෙනෙන, සාමූහික වගකීම දරන කැබිනට් මණ්ඩලයක් වනු ඇති බවයි.

“දැන් හැමෝම ඇමති මණ්ඩලයට පිරිසක් ඉන්නවද කියලා අපෙන් අහන්න පටන් අරගෙන තියෙනවා. ඒ ප්‍රශ්නය අහන්නේ කවුද අපිත් එක්ක ඉන්නේ කියන එක මතයි. මහින්දගෙන් ඒ ප්‍රශ්නය අහන්නේ නැත්තේ මහින්ද වටා එක කණ්ඩායමක් ඉන්න නිසයි. සජිත්ගෙන් ඒ ප්‍රශ්නය අහන්න අවශ්‍ය නැහැ සජිත් වටාත් එහෙම කණ්ඩායමක් ඉන්න බව පෙනෙනවා. ඒ ඔක්කොම දැනටමත් පාර්ලිමේන්තු නියෝජනය ඇති අය. හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ දැනට අපේ ඉන්නේ තුන් දෙනයි.

දැන් මේ රටේ ජනතාවගේ මතය මොකක්ද. මේ ඉන්න 225ම ප්‍රතික්ෂේප කරන නව ආණ්ඩුවක්නම් ඒකේ හැඟවුම තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට මේ වැඩේ කරන්න බැහැ කියන එක. ඉන්න 225 ඇතුලේ අපේ ඉන්නේ තුන් දෙනෙක් විතරක් නිසා අපේ කැබිනට් මණ්ඩලයේ බහුතර ලෙස පත් වෙන්නේ අද ඉන්න 222 නැතුව එයින් පිටත් ඉන්න අයගෙන් කියන එක සත්‍යයක්. අපේ රටේ බලය, ඒ කියන්නේ රටේ ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලයේ විෂයන් තනි මිනිහෙක් කේන්ද්‍ර කරලා ගොඩනගන්න හදනවා. අපි ඊට වෙනස්ව මේ ගැන හිතනවා. සැලසුම් කරලා තියෙනවා.

අපි අපෙන් පත්වෙන එක්කෙනෙක් විෂයන් සඳහා කැබිනට ඇමතිවරයෙක් විදිහට පත් කරනවා. ඊට අමතරව ඒ ඒ විෂයන් සඳහා කැබිනට් ඇමතිවරයාත් සමඟ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති තව පිරිසක් එක්වෙන උපදේශක සභාවක් හදනවා. මම දැනට උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථිකය කියන විෂයන් තුන ගැන විතරක් කියන්නම්. සෞඛ්‍ය පිළිබඳව අපිත් එක්ක ඉන්නවා ජාතික ජන බලවේගයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම ඇති කෙනෙක්. ඒ වගේම රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ, අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැනි කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේ කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙයවීම සඳහා අපි පත්කරනවා. ඒ කණ්ඩායමෙන් එක් කෙනෙක් අපි අමාත්‍යවරයා ලෙස පත්කරනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපාලි පන්නිල, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය අනුර කරුණාතිලක වැනි කණ්ඩායමක්ම අපිත් එක්ක ඉන්නවා. …read more

Source:: Info Sri Lanka