කාන්තාවන් රවට්ටන්න බැහැ; සෙල්ෆි වීරයන්ට මනුෂ කියයි!

කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවටත් ඇතැමුන් විශ්වාස කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

මෙරට කාන්තාවන් ඉතා බුද්ධිමත් පිරිසක් බැවින් ඔවුන් ව්‍යාජ දේශපාලන ප්‍රයත්නයන්ගෙන් මුලා කිරීමට නොහැකි බවත් මත්ද්‍රව්‍ය මෙරටින් තුන් කරමින් ආර්ථික ස්ථාවර බව ඇති කිරීම මගින් කාන්තාවන්ගේ සැබෑ ගැටලු වලට විසදුම් ලබාදීමට ආණ්ඩුව සමත්ව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී අද (23) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන එක් වූ අවස්ථාවේදීයි.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන මගින් රාජ්‍ය සේවාවන් ජනතාවෙ වෙතටම ගෙනයාම අපේක්ෂා කරයි. ඒ අනුව මෙම වැඩසටහන අද (23) හා හෙට (24) දෙදින කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“ජයගමු ශ්‍රීලංකා අද කෑගල්ලට එන්නෙ කිසිම පක්ෂ පාට බේදයක් නැතුවයි. අද අපි මුහුණ දී ඉන්න මේ ආර්ථික යුද්ධය ජයගන්න අවශ්‍ය වන ඒ මහා සේනාව සංවිධනය කිරීමයි. මේ මාස 18ට ඩොලර් බිලියන 8කට අධික මුදලක් එවන්න කටයුතු කළේ රට විරුවන්. ඔවුන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් දැක්වුවා. විදේශ ගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ජාතියේම ආචාර්ය හිමිවිය යුතුයි.

අද හැමතැනම හැමෝම මොන විදිහෙ පක්ෂ පාට සන්ධාන හදාගෙන ඒවට බෙදිල කෑගැහුවත් මේ රටේ පැහැදිලිව අද තියෙන්නෙ කදවුරු දෙකයි. එක් කඳවුරක් වෙන්නේ, මේ වැටිලා ඉන්න, බලහත්කාරයෙන් අපව ඇදල දාල තියෙන ආගාධයෙන් ගොඩ එන්න ඇත්ත ප්‍රායෝගික කැපවීමකින් කටයුතු කරන කදවුර හා ඒ අර්බුදයෙන් මේ රට ගොඩගන්නවා කියල බොරුවට කෑගහමින් විදේශීය බලවේගයන්ගේ ගොදුරු බවට පත්වෙලා මේ රට තව තවත් ආගාධයට අර්බුදයට ඇදල දාන කදවුරයි.

දැන් දැවැන්ත ලෙස පොස්ටර් කටවුට් ගහන පිරිසක් ඉන්නවා. රට පුරාම සැණකෙලියක් වාගේ ජනහමු රැස්වීම් තියමින් රට ගොඩගන්න ජනාධිපතිතුමා දරණ උත්සාහයට කකුල් මාට්ටු දාන පිරිසක් ඉන්නවා. මේ පිරිස එදා කිව්ව දෙවල් ජනතාවට අමතක වෙන්න විදිහක් නැහැ. ඒ පිරිස දැනට අවුරුදු දහයකට විතර කලින් කීව්වෙ එවකට ජනාධිපතිවරයා මැතිවරණයට පොස්ටර් කටවුට් ගහන්නෙ චීනෙන් සල්ලි …read more

Source:: Info Sri Lanka