‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි

“මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.”

පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ ජාතික හෙළ උරුමයේ සහ එහි නායක චම්පික රණවක මහතාගේ දේශපාලන අනාථභාවය ද මෙම මහ මැතිවරණයේදී සනාථ වීමයි.

1994 සිට මෙරට දේශපාලන තීරණාත්මක භූමිකාවක් ඉටුකළ, 2004 මහ මැතිවරණයේදී එහි උපරිමය සටහන් කළ, බෞද්ධ භික්ෂුව පෙරටු කොටගත් සිංහල ජාතිකවාදී දේශපාලනයේ ‘නිල අවසානය‘ මෙම මහ මැතිවරණයේදී සටහන් වූ බව පැහැදිලිය.

ජාතික හෙළ උරුමය

1994 දී ‘සිහළ උරුමය‘ බිහි වූ දා සිට සිංහල බෞද්ධ ජාතිකවාදයේ කොඩිය අතට ගැනීමට, එකට තිලක් කරුණාරත්න, එස්. එල්. ගුණසේකර සහ චම්පික රණවක උත්සාහ කළ ද පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නොව අවම නියෝජනයක් හෝ ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නොවීය.

Read more: ‘සජිත්ගේ කරෙන් ගොඩයන්න සිටි’ චම්පිකගේ සිහින සුනුවිසුණු වෙයි