දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ (27) යළි කැඳවූ අවස්ථාවේදීයි.
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීමත් පොලිස්පති ධුරයට පත්කිරීම වලක්වන ලෙසත් නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් ඇතුලු පාර්ශ්ව හතක් මෙම පෙත්සම් ගොනුකර තිබේ.
ඊයේ දිනයේ අදාල පෙත්සම් විමසා බැලුවේ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි.
දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට පොලිස්පති ධුරයට පත්කර ඇති බැවින් පෙත්සම් විභාගය තවදුරටත් සිදුකිරීම අනවශ්‍ය බව එහිදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්හ. ඔවුන් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක්ද පෙත්සම්වලින් ඉල්ලා ඇති නමුත් මේ වනවිට ඔහු පොලිස්පති ධුරයට පත්කර ඇති බවයි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට කරුණු පැහැදිලි කළ හ.
ඔවුන් කියා සිටියේ පෙත්සම් අධිකරණය හමුවේ කැඳවා අදාල පාර්ශව විසින් මූලික විරෝධතා හා ප්‍රති විරෝධතාද ගොනු කර ඇති බවයි.
එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් 26 දා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කර ඇති බවත් වැඩබලන පොලිස්පති ධූර කාලය අවසන් වීමටත් පෙර එලෙස පොලිස්පති ධූරයට පත් කිරීම නීතියේ ආධිපත්‍යට එල්ල කළ පහරක් බවත් ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නා ය.
ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීම ප්‍රමුඛ කරුණ බවට ගෙන පෙත්සම් නැවත සලකා බැලීමට දින නියම කළේ ය.
ඒ අනුව පෙත්සම් අප්‍රේල් 2 වැනිදා යළි සලකා බැලීමට නියමිතයි.
මේ අතර මෙම පෙත්සම්වල මැදිහත්කාර පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම සඳහා මහාසංඝරත්නය අවසර ඉල්ලා සිටින බව, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙලෙස මැදිහත්වීමට අවසර ඉල්ලා සිටියේ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද …read more
Source:: Aithiya