යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා සමාගම මෙරට වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ
ගිවිසුම්ගත වී තිබේ. එම සමාගමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හල් 150ක් මෙම ගිවිසුම හරහා පවරා ඇති අතර, ඊට අමතරව නව පිරවුම්හල් 50ක් ඉදි කිරීමටත් අවසර හිමිව ඇත.
එම සමාගම ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් නුදුරේදීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අත්සන් තබා තිබේ.
The post ඉන්ධන බෙදන්න ඔස්ට්‍රේලියානු සමාගමකුත් එයි appeared first on දිනමිණ.
Source:: Dinamina