අවුරුදු සමරන්න, අරක්කු මිල බස්සන යෝජනාව සෞඛයට හිතකර බවට ප්‍රකාශයක්!

එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක පවසනවා.

ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත් ජනතාව මෙලෙස එම පානයට හුරු වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අවසන් වරට 2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම සදහන් කළ ඇති අතර මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ද මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ දැමූ බවයි සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මේ පිළිබඳව Colombo Drinkers’ Club ප්‍රකාශකයෙක්ගෙන් අප කළ විමසීමක දී සඳහන් කළේ මත්පැන් මිල සිඝ්‍රයෙන් වැඩි වීම හේතුවෙන් ජනතාව අන්තරායක මත් ද්‍රවය සහ නීති විරෝධී මත්පැන් පානයට යොමු වී ඇති බවත් ඒ හරහා විශාල සෞඛ්‍ය අවධානමක් මතුව ඇති බවයි.

මත්පැන් මිල පහල දැමීමෙන් රජය බදු ආදයම් ඉහල නංවා ගත හැකි බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

The post අවුරුදු සමරන්න, අරක්කු මිල බස්සන යෝජනාව සෞඛයට හිතකර බවට ප්‍රකාශයක්! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka