සන්ෂයින් හෝල්ඩින්ග්ස් බිලියන 5.5ක ලාභයක් වාර්තා කරයි!

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇතැයි පවසයි.

එසේම පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10%ක පිරිවැටුමක් සහ 44%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති අතර අදාල කාලය තුළ මූල්‍ය පිරිවැය අඩු වීම සහ ව්‍යාපාර වර්ධනය හේතුවෙන් ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) රුපියල් බිලියන 5.5 ක් දක්වා වර්ධනය වී ඇත.

සමූහය ලබා ගත් මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් 50% කි. මේ අතර පාරිභෝගික අංශය 35% ක් ද කෘෂි ව්‍යාපාර අංශය 15% ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.

සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘’සමූහයේ සෑම ප‍්‍රධාන අංශයක්ම හරහා ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට ක‍්‍රමයෙන් යථා තත්වයට පත්වන අතරතුර කෙටි කාලීන අභියෝග ජය ගැනීමට සමූහයට උපකාර කර ඇති අපගේ කණ්ඩායමේ කැපවීම, ඔරොත්තු දීමේ හැකියාව සහ ඵලදායී මූල්‍ය කළමනාකරණය ඉතා ඉහළයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධ දැඩි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග හේතුවෙන් අභියෝගවලට මුහුණ දීමට සිදු වුවද සන්ෂයින් සමූහය ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට දායක වන අතරම, සමූහයේ සියලූම පාර්ශ්වකරුවන් සඳහා එහි වටිනාකම ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා.’’ යනුවෙනි.

සුව සේවා අංශය

සුව සේවා අංශය යටතේ ඇති සියලූම ව්‍යාපාර සලකා බලනු ලබන කාල පරිච්ෙඡ්දය තුළ සමූහයේ සුව සේවා අංශය රුපියල් බිලියන 21ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 19.3%ක කැපී පෙනෙන වැඩි වීමකි. ඖෂධ අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 4.4% කින් සහ වෛද්‍ය උපාංග අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 40.8% කින් වර්ධනය වූ අතර මෙයට මිල සහ විකුණනු ලැබූ වෛද්‍ය උපකරණ ප‍්‍රමාණය වැඩි වීම හේතු විය. පාරිභෝගික වෙළෙඳාම් අංශයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 20.2% ක වැඩි වීමක් පෙන්නුම් කළ අතර එය පෙර වසර හා සැසඳීමේදී 19.0% …read more

Source:: Info Sri Lanka