ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි. සාර්ක් කලාපයේ කාන්තාවන්ට විශේෂ අංශයකින් තරග වැදීමේ අවස්ථාව ද සලසා තිබිණ.
සම්මාන ප්රදානය සංකේතවත් කරමින් ජාතික මට්ටමින් විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
සාර්ක් අංශයේ සම්මාන ප්රදානය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අතින් සිදු වූවාය.
ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම සහ ප්‍රධාන ව්‍යාපාරික කටයුතුවලට කාන්තාවන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව ව්‍යාපාරික කාන්තාවන් සඳහා වූ ජාතික වාණිජ මණ්ඩලය(WCIC) 1985 දී වසරේදී පිහිටුවන ලදී.
වෘත්තීයවේදිනියන් සහ තමන්ගේම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව ආරම්භ වු ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මේ වන විට සාමාජිකත්වය 300කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
සම්මාන ලබාගත් සියලුදෙනාට පළමුවෙන්ම මම සුබ පතනවා. ඒ වගේම මීට සහභාගී වූ සියලුම දෙනාට ප්‍රශංසා කළ යුතුයි. පසුගිය වසර කිහිපය අපට පහසු කාලයක් වුණේ නැහැ. එය ව්‍යාපාරිකයන් ඇතුළු අප සියලුදෙනාට දුෂ්කර කාල පරිච්ඡේදයක් වුණා. නමුත් එම ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ වුවද තම ව්‍යාපාර සිදුකරගෙන යාමට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනීය බව කිවයුතුයි.
මෙම 2024 වසරේ යම් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. පසුගිය වසරේ අවසාන කාර්තු දෙක තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. නමුත් එය 2018 වන විට …read more
Source:: Dinamina