යුකෙලේප්ස්ටික් වන වගාවක ගින්නක්

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ යුකෙලේප්ස්ටික් වන වගාවක අද  (28) දහවල් ගින්නක් හටගෙන ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් වන වගාවට ගිනි තබන්නට ඇති බවයි වතු පාලන අධිකාරිය සැකකරයි.

පවතින අධික වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් පැතිර යන අතර  ගින්න පාලනය කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත විය.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ ජල මුලාශ සිදියාමේ අවධානමකට ලක් වි ඇත.

වන වගාවන් මෙසේ ගිනි තබන අය පිලිබදව තොරතුරු ඇතොත් ඒ පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post යුකෙලේප්ස්ටික් වන වගාවක ගින්නක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina