වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් වන සියලු තීන්දු තීරණවලට අදාළ සියලු ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර ලබා දුන්නේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව සහ ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම වළක්වන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කිහිප දෙනෙකු, නීතිඥයන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අවසරය ලබා දෙන ලදි.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වන විට පොලිස්පති තනතුරට පත්කර ඇති බවය. ඔහු පොලිස්පති තනතුරට පත් කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇති අතර එම පත් කිරීම මේ වන විටත් සිදු කර ඇති බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යා නොහැකි බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්නේ මෙකී පත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ එකඟත්වය නොමැති බවය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා එහිදී සඳහන් කළේ මෙකී පත්වීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දෙදෙනකු අකමැත්ත පළ කර ඇති බවය.
එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ සිය සේවාදායකයා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම මේ වන විටත් සිදු කර අවසන් බවය. ව්‍යවස්ථාදායක සභාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් ව්‍යවස්ථාදායක සභාවේ තීරණවලට අභියෝග කළ හැකි වෙනම නීතිමය ක්‍රියා පටිපාටියක් ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. එය මෙම පෙත්සම් මඟින් සිදුකළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
වැඩබලන පොලිස්පතිවරයාගේ පත්වීම පෙබරවාරි මස 29 වැනි දා අවසන් වීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම පෙත්සම් ඊයේ (27) සලකා බැලීමට මීට පෙර අධිකරණය විසින් තීරණය කළ බව එහිදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී …read more
Source:: Dinamina