දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුම ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර ලොරි රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් නඩත්තු සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇසින් දුටු සාක්ෂිවලට අනුව ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන සේවකයන් අනතුරට ලක්කරමින් ආරක්ෂිත වැටේ ගැටී ඇත.
කොළඹ දෙස සිට පානීය ජලය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, රාත්‍රියට විනිවිඳ පෙනෙන පුවරු සෝදමින් සිටි සේවකයන් දෙදෙනකු වෙතට කඩා වැදී මෙම අනතුර සිදුව තිබේ.
The post දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් – මාර්ග සේවයේ යෙදීසිටි සේවකයන් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට appeared first on දිනමිණ.
Source:: Dinamina