ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විශේෂ ආරාධනයක් කළේය.

ශ්‍රී ලංකා රජය සහ සහ කුවේට් රජය අතර 2009 වසරේදී අත්සන් තැබූ ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම මගින් පහසුකම් රැසක් උදාවන බවත් එහි උපරිම ඵලය නෙලා ගැනීමට කුවේට් රාජ්‍යයේ ආයෝජකයින් හට අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙම ආරාධනය ඉදිරිපත් කර සිටියේ කුවේට් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරට අතර අත්සන් තැබූ මෙම ගිවිසුම ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කරගයුතු බවයි. ඒ අනුව අදාල ගිවිසුම මගින් අත්වන ඉතා අඩු අගයක පවතින ආයතනික බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට කුවේට් අයෝජකයින් හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කරන බවද හෙතෙම පැවසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය,

“ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍ය අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට දශක පහකට පෙරයි ඇති කරගත්තේ. අද වන විට රාජ්‍යයන් දෙකම ඉතා සමීප සහ සුහද සබඳතා භුක්ති විඳිනවා. 1995 සහ 1981 වර්ෂ වලදී පිළිවෙලින් කොළඹ සහ කුවේට් යන දෙරටේ නේවාසික දූත මණ්ඩල විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍ය අතර මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු වුනා.

පහුගිය කාලය පුරාවට විවිධ මට්ටම් වලින් දෙරට අතර සම්බන්ධතා වර්ධනය වීම සිදුවුනා. ඒක නිරන්තරයෙන්ම ශක්තිමත් වීම ඉතා සාධණිය තත්ත්වයක්.

දෙරට අතර සබඳතා වැඩිදියුණු කිරීමට ඉහළ මට්ටමේ සම්බන්ධතා දායක වෙනවා. ඒ අනුව පසුගියදා මියුනිච් ආරක්ෂක සමුළුවට සමගාමීව මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා අලි අබ්දුල්ලා අල්-යාහ්යා අතර ඉතා ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුනා.

අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල හරහා සහනදායී ණය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා කුවේට් රාජ්‍යය විසින් ලබා දෙන සහය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබෙන බව මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළයුතුයි.

අද වන විට කුවේට් …read more

Source:: Dinamina