මේක ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න හොඳ අවස්ථාවක්

කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න මෙය හොඳ අවස්ථාවක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එබැවින් මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බවයි.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව අද (27)මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – මේ වෙනකොට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටිනවා. මේ දිනවල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතු කොහොමද සිදු වන්නේ.
පිළිතුර – එතුමා විදෙස් ගත වෙන්නේ එතුමා පසුගිය කාලයේ කාර්ය බහුල කාලයක් ගත කළ නිසයි. එතුමා ඉතා ඉක්මනින් ලංකාවට පැමිණෙනවා. මේ වනවිටත් ගම්මට්ටමින් අපේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතුමා ආවම පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරනවා.
ප්‍රශ්නය- ඔබතුමන්ලා සුදානම් වෙන්නේ ජනාධිපතිවරණයටද ? මහ මැතිවරණයටද?
පිළිතුර – පසුගිය දවසක ජනාධිපති මාධ්‍ය ඒකකය පැහැදිළිවම කිව්වා මේ වසරේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට ලබන වසරේ මුදල් වෙන් කරලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට කියලා. ජාතික මැතිවරණ දෙකක් එන වසර දෙකක්. රටේ ජනතාවට තීන්දු තීරණ ගැනීමට හොඳම අවස්ථාවක්. ව්‍යාවස්ථාවෙන් පිට කිසිම වෙලාවක මැතිවරණ කල් දාන්න අපි කටයුතු කරන්නේ නෑ.
ප්‍රශ්නය – මැතිවරණය නියමිත වෙලාවට තියෙනවද? නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කලින් මැතිවරණය තියෙනවද?
පිළිතුර – කලින් තියන්නත් පුළුවන් වේලාවට තියන්නත් පුළුවන්. රටේ ජනතාවත් ඒ එන විදියට කටයුතු කරයි. කලින් තිබ්බත් හොදයි වෙලාවට තිබ්බත් හොදයි. ව්‍යවස්ථාවට පිටින් කරන්නේ නෑ කියලයි අපි කියන්නේ.
ප්‍රශ්නය – දැනට ලංකාවේ දිනනවා කියන ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. එතකොට පොදුජන පෙරමුණට තැනක් තියෙයිද?
පිළිතුර – ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නෙ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරයි. හැබැයි ඡන්දයෙන් දිනල ජනාධිපති වෙන්නේ රනිල්. මේ රටේ මිනිස්සු තේරුම් අරන් ඉන්නවා රටේ අර්බුදකාරී තත්ත්වයේදී අභියෝග භාර ගත්ත නායකයා කවුද කියලා. ඒ අනුව රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම තමයි රටේ මතවාදය වෙන්නේ. ඉතිහාසයේ ඉදන් මිනිස්සු ජනාධිපතිවරණයකදී …read more

Source:: Dinamina