නාන කාමරේ ගජරාමෙට ගිය කසිප්පු පෙරිල්ල

ඉංගිරිය ප්‍රදේශයේ පිහිටි අඩක් නිමකළ නිවසක නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටළීමකදී අත්අඩංගුවට පත් 33 හැවිරිදි සැකකරු ඉංගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු සිය රැකියාව වශයෙන් මෙම කටයුත්තෙහි නිරතව සිට ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරුද සමඟින් ගෝඩා ලීටර් 550ක ප්‍රමාණයක්ද, තඹ දඟර, ගෑස් ළිප්, ගෑස් සිලින්ඩර් ඇතුළු පෙරුම් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

The post නාන කාමරේ ගජරාමෙට ගිය කසිප්පු පෙරිල්ල appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina