උසස් පෙළට පෙනී සිටි දරුවන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මෙමඟින් හැකියාව ලැබෙන බවත් රට පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා පැවසුවේය. වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනට ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය.

සිසුන් 200ට අඩු පාසල් සඳහා පාසල් බෑග්, පාසල් උපකරණ කට්ටල, පාසල් පාවහන් වවුචර, අභ්‍යාස පොත් කට්ටල ලබාදීමත් මීට සමඟාමීව සිදුකෙරිණි. වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලයට විදුලි පා පැදි දෙක බැඟින් ලබාදීමත් එම පර්ශදයේ තවත් පාසල් හයකට විදුලි පාපැදි ලබාදීමත් සිදු වූ අතර ක්‍රීඩාභා‍ණ්ඩ ලබාදීම ද සිදු කෙරිණි.

පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් දැනට සෑම කලාපයකටම එක බැඟින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100ක් වන බවත් ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් 17කින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය. ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇතැයි ද, ඉදිරි සති කිහිපය ඇතුළත සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු අතර ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් මවුපියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු යැයි ද ඇමැතිවරයා කීය.

විශේෂයෙන්ම පාසල්වලට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වා ගැනීමට සමස්ත පාසල් ප්‍රජාවගෙන් සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කරන අතර දැනටමත් රජය සියලු‍ රජයේ සේවකයන් වෙනුවෙන් වැඩි කළ වැටුප් ගෙවීමට වසරකට රුපියල් …read more

Source:: Dinamina