නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වනවා- හිටපු ඇමති රවී කරුණානායක

එළැඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ඒ සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

රට කඩාවැටීමට අදාළව නිලධාරීන් වෙතද වගකීමක් ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැළසුම් සහගතව මීටවඩා මැදිහත්වීමක් කළ යුතු බවත් මේ මොහොතේ නම් එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවසීය .

රට මීට මාස 22 කට පෙර තිබූ තත්ත්වය අනුව සළකා බැලීමේදී යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. නමුත් තව සිදුකළ යුතු දේ බොහෝ තිබෙනවා . කඩාවැටුණු රට යම් කළමනාකරණයකට ලක්කර ගැනීමට එක පුද්ගලයෙන් ඉදිරිපත් වුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු බාරගත් වගකීම ඉටුකරන්න සමත් වූ බව කවුරුත් පිළිගත යුතුයි.

එදා රටේ වගකීම ගන්න කෙනෙක් හිටියේ නෑ . බයේ හැංගිලා හිටියේ. ඒ හැංගිහැංගිලා හිටපු අය අද ඇවිත් විහිලු කතා කියනවා. ඔය විහිලු කතා අහන්න කාලය මිඩංගු කිරීමත් අපරාධයක් .

රට තිබුන තත්ත්වය වගේම මේ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් වුවහොත් පත්වෙන අවධානම ජනතාව තේරුම් ගන්න ඕන . මේ වැඩේදී ෂොර්ට් කට් නෑ .

එක එක අය විවිධ ප්‍රකාශ කරනවා. මාධ්‍ය ජාල විවිධ ලෙස ඒවා වාර්තා කරනවා. නමුත් ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට රට ගොඩගැනීම ගැනයි අවධානය යොමුකරන්න අවශ්‍ය. ඒක සියලු දෙනා එකතුව කළ යුතුයි. විහිලු කාරයන් විවිධ කතා කිව්වත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා. එතුමා ජයග්‍රහණය කරවීමට අපි සියලු දෙනා කැපවෙනවා.

ඒ වගේම තමයි ජනතාව දැනගන්න ඕන , රටේ පසුගිය සමයේ සිදුවූ කඩා වැටීමට රාජ්‍ය නිලධාරීන් ද වගකිවයුතු බව. ඒ නිසා ඔවුන් ජනතාව ගේ පැත්තෙන් සිතා තීන්දු තීරණ ගන්න …read more

Source:: Dinamina