ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දී තිබේ.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් සිය මතය පළ කර තිබුණි

ඔහු සදහන් කර ඇත්තේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ බවයි. මේ අතර එහිදී මන්ත්‍රීවරයා විසින් ඩිල්ෂාන්ගේ දියණිය වන රෙසඳි ගැන ද සඳහන් කර ඇති අතර ඇයගේ ක්‍රිකට් අනාගතයටද සුබපැතුම් එක්කර තිබේ.

එක්දින ඉතිහාසයේ ලකුණු හඹා යාමේ දක්ෂතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස ඩිල්ෂාන් සැලකේ.

2011 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු 500ක් ලබාගෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා වීමේ වාර්තාවටද හිමිකම් කියයි.

මීට අමතරව, ඔහු 2014 ICC ලෝක විස්සයි20 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.

නව ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස, ඔහු ප්‍රාදේශීය කණ්ඩායමකට බැඳීමට සහ ඔහුගේ දක්ෂතා ප්‍රජාව සමඟ බෙදා ගැනීමට තීරණය කරනු ඇතැයි ද ඔහු බලාපොරොත්තු වේ.

The post ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina