මහබාගේ ප්‍රදේශයේ පෙබරවාරි 21වැනිදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ 4 ගැමුණු හේවා බලකායට අයත් යුද හමුදා සෙබළෙකු ඊයේ(23) යුද්ධ හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට යාමේදී එදින 2335 පැයට පමණ කඳවුරෙන් පැනගොස් ඇත.
මෙලෙස පළා ගොස් තිබුණේ නුවන් චාමර ද සිල්වානැමැති මාදම්පේ පදිංචි කෝප්‍රල් වරයෙකි.
අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් රාත්‍රියේ සිට ප්‍රදේශය පුරා සිදුකරනු ලැබූ මෙහෙයුමකදී එම සෙබළා අද උදෑසන (24) අම්පාර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිතය.
The post වෙඩි තැබීමකට සම්බන්ධ සෙබළා යුද හමුදා බුද්ධි අංශයෙන් අත්අඩංගුවට appeared first on දිනමිණ.
Source:: Dinamina