නවාල්නි තවත් එක් අබිරහසක්?

මෑත කාලයේදී රුසියාව සම්බන්ධයෙන් බොහෝ දෙනා දිනෙන් දින කියැවීමකට සැරසුණේ යුක්‍රේනය යුද්ධයකට පටලවා ගත් මොහොතේ පටන්ය. එහෙත් රුසියන් කතා පසුපසට යන්නට පටන් ගනු ලැබුවේ ඊශ්‍රායලය ගාසා තීරයට නොනවතින ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟිනි. එතැන් පටන් ගනු ලැබුවේ ලොවම ඇස් කන් අයා බලා සිටි රුසියන් – යුක්‍රේන යුද්ධයේ තොරතුරු පිළිබඳව විමසිලිමත් වනවාට වඩා ලොව බොහෝ දෙනාගේ උනන්දුව ඇතිවූයේ ඊශ්‍රායල ප්‍රහාරයන් සම්බන්ධයෙන් වන සිදුවීම් සොයා බැලීමටය. ඒ අතරවාරයේ රුසියාව සම්බන්ධයෙන් කතාබහක් ඇතිනොවුණාම නොවේ. එයින් වුව වැඩි වශයෙන් කියැවුණේ රුසියානු ජනාධිපති පුටින්, ඊශ්‍රායල – හමාස් ගැටුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් පිළිබඳවය. එහෙත් හිටිහැටියේ ජාත්‍යන්තර මාධ්‍යයන් තුළ රුසියාව ගැන කතාබහක් ඇතිවූයේ රුසියානු විපක්ෂ නායකවරයා බන්ධනාගාරයේදී මිය යාමත් සමඟය. එරට පුවත් සේවාවන් මෙය වාර්තා කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි 16 වැනිදාය. ඔහු නමින් ඇලෙක්සායි නවාල්නිය.

නවාල්නි වඩාත් ප්‍රසිද්ධව සිටියේ කිසිඳු පැකිළීමකින් තොරව එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව දැඩි ලෙස විවේචනය කළ අයකු ලෙසිනි. ඔහුව මුල්වරට අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 වසරේ ජූලි මාසයේදීය. එහිදී පැවැති නඩු විභාගයකදී ඔහුට මූල්‍ය චෝදනා නඟා පස් අවුරුදු සිරදඬුවමකට ලක්කිරීමට තරම් රුසියානු පාලකයෝ කටයුතු කළහ. එහෙත් නවාල්නි එම චෝදනා සියල්ල දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙම අත්අඩංගුවට ගැනීමේදී ද අමෙරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපා සංගමය එය හෙළා දැකීය.

2017 දී අත්අඩංගුවට

ඉන්පසු ඔහුව 2017 මාර්තු මාසයේදී ද අත්අඩංගුවට ගනු ලැබුවේ නවාල්නි ඇතුළුව සියයකට අධික පිරිසක් ද සමඟිනි. එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේ මොස්කව් අගනුවරදී දූෂණ විරෝධී උද්ඝෝෂණයක් අතරතුරදීය. මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබ තිබුණේ ක්‍රෙම්ලින් පාලනයට ළඟ සබඳතාවක් ඇති බලධාරීන් මූලික කරගනිමිනි.

කෙසේ වෙතත් නවාල්නි මිය යන විට සිරදඬුවම් විඳිමින් සිටියේ රුසියාවේ දුෂ්කරතාවන් අතින් ඉහළින්ම සිටින බන්ධනාගාරයන්ගෙන් එකක් වන ආක්ටික් කලාපයේ පිහිටි බන්ධනාගාරයකදීය.

‘සිකුරාදා දවසේ ඔහු අසනීපයෙන් හිටියා. ඉන්පසු ඔහු හදිසියේ සිහිසුන් වුණා’

රුසියානු බන්ධනාගාර බලධාරීන් නවාල්නිගේ මිය යාම පිළිබඳව සඳහන් කර තිබුණේ එවැන්නකි. ඔවුන් එසේ සඳහන් කර තිබුණ ද මිය යාමට දින දෙකකට පෙරදී ද නවාල්නි යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරන්නේ ඔහුගේ හිතවාදීන්ය. මේ නිසා ඔහුගේ මරණය සම්බන්ධයෙන් ව්ලැදිමීර් පුටින්ට සහ ඔහුගේ රජයට මේ වන …read more

Source:: Dinamina