අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී

මේ වසර ඇතු­ළත ක්‍රියා­ත්මක කිරී­මට යෝජනා කළ 2024 අය­වැය යෝජ­නා­ව­ලින් කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කර තිබේද, කොප­මණ ප්‍රමා­ණ­යක් ආරම්භ කළ යුතුව ඇත්ද සහ පව­තින බාධා හා ගැටලු මොන­වාද යන්න එළ­ඹෙන අප්‍රේල් මාසය අගදී දැඩිව සමා­ලෝ­ච­න­ය­කට භාජ­නය කිරී­මට රජය තීර­ණය කර ඇත.

වසර 2024 අය­වැය යෝජනා බලා­පො­රොත්තු වූ ආකා­ර­යෙන්ම ක්‍රියා­වට නැවී­මට මේ සමා­ලෝ­ච­නය හා පසු විප­රම් විශාල පිටු­බ­ල­යක් වනු ඇතැයි ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශක ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග මහතා ප්‍රකාශ කළේය.

මාස 4කට වරක් ජනා­ධි­පති කාර්යා­ලයේ, අග්‍රා­මාත්‍ය කාර්යා­ලය සහ සෑම අමා­ත්‍යාං­ශ­ය­කම අය­වැය යෝජනා සම්බ­න්ධ­යෙන් ප්‍රග­තිය සමා­ලෝ­ච­නය කිරීම විධි­මත්ව සිදු කිරී­මට පිය­වර ගනු ඇත. වඩාත් විධි­මත් සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතුව ජන­තා­වගේ යහ­පත සහ සංව­ර්ධ­නය සඳහා රජය යොමු කරන මුදල් හා වැඩ­ස­ට­හන් ඒ ආකා­ර­යෙන්ම ක්‍රියා­ත්මක කොට තිබේ­දැයි මේ සමා­ලෝ­ච­න­ය­න්හිදී හඳු­නා­ගැ­නී­මට හැකි වනු ඇතැ­යිද ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශ­ක­ව­රයා බලා­පො­රොත්තු පළ කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මුදල් ඇමැ­ති­ව­රයා ලෙස මේ වසර සඳහා වූ අය­වැය ඉකුත් නොවැ­ම්බර් මස ඉදි­රි­පත් කළ අතර, ගොවි පවුල් ලක්ෂ 20ක් සඳහා උරු­මය ඉඩම් ඔප්පු ලබා දීම, මහ­නු­වර සංව­ර්ධන යෝජනා ක්‍රියා­ත්මක කිරීම ඇතුළු යෝජනා ගණ­නා­වක් ඊට ඇතු­ළත් වූ බවද කීය.

The post අය­වැය යෝජ­නා­වල ප්‍රග­තිය පිළි­බඳ දැඩි සමා­ලෝ­ච­න­යක් අප්‍රේල් අගදී appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina