හෝමා­ගම-පිට­කො­ටුව බස් හිමියෝ – සේව­කයෝ නොමි­ල­යේම 600ක් අනු­ර­පුර වන්ද­වති

හෝමා­ගම පිට­කො­ටුව (138) පෞද්ග­ලික බස් රථ හිමි­යන් සහ සේවක පිරිස එක්ව බස් 10කින් බැති­ම­තුන් 600 දෙනකු නොමි­ලයේ අනු­රා­ධ­පුර පූජා භූමි­යට රැගෙන ගොස් එහිදී ප්‍රථම වරට සංවි­ධා­නය කළ සීල සමා­දාන පින්කම් මාලා­වක් රුව­න්මැලි සෑර­දුන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­ය­සදී නවම් පුර පස­ළො­ස්වක පෝයදා දවස පුරා සංවි­ධා­නය කර තිබිණි.

මේ වන්දනා චාරි­කා­වට සහ­භාගි වූ සියලු බැති­ම­තුන් 22 දා මධ්‍යම රාත්‍රියේ හෝමා­ගම ප්‍රධාන බස් නැව­තු­ම්පො­ළට පැමිණ, එහිදී හෝමා­ගම මහ­ක­ටු­වාන ශාස­න­ව­ර්ධ­නා­රාම විහා­රා­ධි­පති මීග­හ­පැ­ලැස්සේ විජි­ත­ධම්ම හිමි මෙහෙ­යවූ ආග­මික වතා­ව­ත්ව­ලින් අන­තු­රුව සුභ මොහො­තින් වන්දනා ගමන ආරම්භ කෙරිණි.

මේ වන්දනා චාරි­කා­වට සහ­භාගි වූ බැති­ම­තුන් 600 දෙනාම සිල් සමා­දන් වූ අතර අලු­යම කිරි­පිඬු පූජාව, භාවනා වඩ­ස­ට­හන්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා අට­විසි බෝධි පූජා පින්කම් ඇතුළු පින්කම් රැසක් සඳහා ඔවුහු සහ­භාගි වූහ. මේ සියලු බැති­ම­තුන්ට උදෑ­සන, දහ­වල් දානය, ගිල­න්පස හා රාත්‍රී ආහා­රය සම්පා­දන කර තිබූ අතර, බැති­ම­තුන්ගේ සෞඛ්‍ය පහ­සු­කම් හා ආර­ක්ෂාව සැල­සී­මට සැල­සු­මක් ක්‍රියා­ත්මක කර තිබිණි.

මෙහිදී උදේ දවල් රාත්‍රී ආහාර බස් රථ හිමි­ක­රු­වන් සහ සේව­ක­යන් අතින්ම සකසා සීල සමා­දා­නයේ යෙදුණු බැති­ම­තුන්ට පූජා කෙරිණි. මේ වන්දනා චාරි­කා­වට විශේෂ අව­ශ්‍යතා සහිත අය, වයෝ­වෘද්ධ බැති­ම­තුන් ඇතුළු විශාල පිරි­සක් සහ­භාගී වී සිටි අතර, ඒ සියලු දෙනා වෙත මේ සියලු පහ­සු­කම් සැල­සෙන්නේ නොමි­ලයේ වීම විශේ­ෂ­ත්ව­යකි.

The post හෝමා­ගම-පිට­කො­ටුව බස් හිමියෝ – සේව­කයෝ නොමි­ල­යේම 600ක් අනු­ර­පුර වන්ද­වති appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina