අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක්

­උ­ත්සව සමයේ පරි­භෝ­ජ­නය සඳහා තවත් ආන­ය­නික ඉන්දීය බිත්තර කෝටි 3ක් (මිලි­යන 30ක්) ගෙන්වී­මට අනු­මැ­තිය ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුර­ක්ෂිතා අමා­ත්‍යාං­ශයේ ලේකම් රංජිත් අත­පත්තු මහතා දින­මි­ණට පැව­සීය.

ජන­වාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ බිත්තර මිලි­යන 60ක් ගෙන්වී­මට පසු­ගි­යදා අනු­මැ­තිය හිමි වූ බව කියා සිටි ඒ මහතා ඒ අනුව බිත්තර මිලි­යන 90ක් ගෙන්වී­මට නිය­මිත බවද සඳ­හන් කළේය. එළ­ඹෙන සිංහල දෙමළ අලුත් අවු­රුද්ද අව­සන් වන තුරුම ආන­ය­නය කළ බිත්තර සතො­සට ලැබෙන බව සතොස සභා­පති පසඳ යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

The post අවු­රුදු සම­යට ඉන්දි­යා­වෙන් බිත්තර කෝටි 3ක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina