ඉස්ලාම් අන්ත­වා­දීන්ගේ වැඩ­ව­ලට යොදා­ගත් බේරු­වල – දෙහි­වල සුපිරි නිවාස දෙකේ හිමි­ක­රු­වන් සොයා විම­ර්ශන

අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ සහ ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ නීති­වි­රෝධි කට­යු­තු­ව­ලට භාවිත කළ රුපි­යල් කෝටි ගණ­නක් වටිනා බේරු­වල සහ දෙහි­වල පිහිටි සුඛෝ­ප­භෝගි නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙ­නකු සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන මහතා ඉදි­රියේ කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, 2005 අංක 25 දරන ත්‍රස්ත­වා­දීන්ට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ සම්මුති පනත යටතේ බේරු­වල නිවෙසේ අයි­ති­කරු වන මොහො­මඩ් හාසිම් ඉබ­තුල්ලා සහ දෙහි­වල නිවෙසේ හිමි­කරු වන මොහො­මඩ් ඉති­සාමි ඉබ­තුල්ලා යන අය සම්බ­න්ධ­යෙන් මේ විම­ර්ශ­නය ආරම්භ කළ බව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රයේ මහ­මො­ළ­කරු වන මොහා­මඩ් සහ්රාන් යන අයගේ ත්‍රස්ත සංවි­ධා­නය වන ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ සහ අල්ක­යිඩා ත්‍රස්ත සංවි­ධා­නයේ කට­යුතු වෙනු­වෙන් අංක 43, රාජ­සිංහ මාවත දෙහි­වල ලිපි­න­යෙහි පිහිටි සුඛෝ­ප­භෝගී නිවෙ­සත්, අංක 96, චීන කොටුව පාර, බේරු­වල ලිපි­න­යෙහි පිහිටි දෙම­හල් නිවෙ­සත් භාවිත කිරීම සඳහා එහි හිමි­ක­රු­වන් වන මොහො­මඩ් ඉති­සාමි ඉබ­තුල්ලා සහ මොහො­මඩ් හාසිම් ඉබ­තුල්ලා යන දෙදෙනා අව­ස්ථාව සලසා දී ඇති බවද ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබේ.

මේ සුඛෝ­ප­භෝගී නිවා­ස­වල හිමි­ක­රු­වන් දෙදෙනා මේ වන විට මෙර­ටින් පලා­ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පුර­වැ­සි­භා­වය ගෙන ඇති බවත්, මොවුන් අදාළ ත්‍රස්ත සංවි­ධාන සදහා රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ආධාර දී ඇති බවට සිදු කළ විම­ර්ශ­න­ව­ලින් හෙළි වූ බැවින් මේ විම­ර්ශ­නය ආරම්භ කළ බවත් ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ විම­ර්ශ­න­ව­ලදී මේ පුද්ග­ල­යන් දෙදෙනා පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වූ අතර, මෙරට ව්‍යාපා­රි­ක­යන්ව සිට මේ වන විට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් ලෙස එරට ජීවත් වන අහ­මඩ් ලුක්මාන් තාලිබ් යන අයද මොවුන් සමඟ සම්බන්ධ වී තිබූ බවට හෙළි වී ඇතැ­යිද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මේ තිදෙ­නාම මෙරට ඉස්ලා­මීය තරු­ණ­යන් විදේ­ශීය ත්‍රස්ත­වාදී සංවි­ධාන වෙත යොමු කර අවි පුහු­ණුව දී මෙරට තුළ ප්‍රචණ්ඩ අන්ත­වාදි මත­වාද ප්‍රචා­රය කරවා ඇති බවත්, ජාතික තවු­හිද් ජමාත් සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් වන මොහො­මඩ් ඊබ්‍රා­හිම් සාදික් අබ්දුල්ලා, හිස්බුල්ලා ඛාන් අහ­මඩ්, මොහො­මඩ් ශිරාන්, ආම්ස්ඩීන් හනාන් නමැ­ත්තන් එක්ව අදාළ දෙහි­වල සහ බේරු­වල පිහිටි …read more

Source:: Dinamina