රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ

නීත්‍ය­නු­කූල නොවන ආකා­ර­යට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ග­ල­යන් වෙත පිරි­නැ­මීම, එසේ ගෞරව නාම භ‍ාර ගැනීම හෝ භාවිත කිරී­මට එරෙ­හිව නීත්‍ය­නු­කූල පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති ලේකම් සමන් ඒක­නා­යක මහතා අදාළ විෂය පිළි­බඳ කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ.

එක් එක් නිශ්චිත නිර්ණ­ණා­යක පද­නම් කර­ග­නි­මින් විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට අනුව තෝරා­ගනු ලබන සුවි­ශේෂ ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන්ට ජනා­ධි­ප­ති­ව­රයා විසින් පිරි­න­මනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදා­ගන්නා නාම­යන් භාවිත කර­මින් විවිධ පුද්ග­ල­යන් සහ රාජ්‍ය නොවන සංවි­ධාන මඟින් සම්මාන, සන්නස් පත්‍ර හා සහ­තික පිරි­න­මන අවස්ථා ජනා­ධි­පති කාර්යා­ලයේ නිරී­ක්ෂ­ණ­යට ලක්ව ඇත.

මෙවැනි ආකා­රයේ අසං­වි­ධිත සම්මාන ප්‍රදා­න­යන් හේතු­වෙන් මේ දක්වා ගෞරව ප්‍රණා­ම­යට පත් සුවි­ශේෂ ශ්‍රී ලාංකි­ක­යන්ට දැඩි අසා­ධා­ර­ණ­යක් හා අගෞ­ර­ව­යක් සිදු වන බව පෙන්වා දෙන ජනා­ධි­පති ලේක­ම්ව­රයා ජාතික සම්මාන සඳහා යොදා­ගනු ලබන එවැනි ගෞරව නාම වෙනත් පාර්ශ්ව විසින් වැරදි ආකා­ර­යට භාවිත කිරීම වහා නතර කළ යුතු අතර, එවැනි ක්‍රියා­ව­ලට එරෙ­හිව කඩි­න­මින් නීතිය ක්‍රියා­ත්මක කළ යුතු බවද අව­ධා­ර­ණය කරයි.

The post රජයෙන් නොවන ගරු නාම ආවාට ගියාට බෑ appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina