Covid-19 වසංගත සමයේ ‘මව්කිරි දෙනවා නම්’ මේ විශේෂඥ උපදෙස් පිළිපදින්න !

COVID-19 වසංගතය ලොව පුරා සෞඛ්‍ය පද්ධතියේ පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී තිබේ. COVID-19 ආසාදිතයින් රැකබලා ගැනීම සදහා පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය සේවා සම්පත් විශාල කොටසක් කැප කිරීමත් සමඟ ගෝලීය වශයෙන් අලුත උපන් හා දරුවන්ගේ මරණ සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙම වසංගතය තුළ ළදරුවන් තුළ ඇති වන ජීවිතයට තර්ජනයක් වන ආසාදන වැලැක්වීම සඳහා මව්කිරි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. COVID-19 වසංගතය තුළ මව්කිරි දීම පිළිබඳව සමාලෝචනය කර ඇති සියලුම පර්යේෂණ හා සාක්ෂි වලින්, (WHO, යුනිසෙෆ් සහ අනෙකුත් ගෝලීය සංවිධාන) මව්කිරි දීම, මව සහ දරුවා එකම කාමරයක වාසය කිරීම, දරුවා වඩා ගැනීම ආදි සියලු සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගන්නා ලෙස මවුවරුන්ට නිර්දේශ කර ඇත.

Read more: Covid-19 වසංගත සමයේ ‘මව්කිරි දෙනවා නම්’ මේ විශේෂඥ උපදෙස් පිළිපදින්න !