ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති අවසන් විස්සයි20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධියෙන් පසු විනිසුරු ලින්ඩල් හැනිබල් මහතාට බැණ වැදුණේ යැයි නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග 2ක තහනමක් හා සියයට 50ක තරග ගාස්තු කපා හැරීමේ දඬුවමක් පනවයි. මේ හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන බංග්ලාදේශ තරගාවලියේ මුල් තරග දෙක වනිඳු හසරංගට අහිමි වේ.
අයිසීසී ආචාරධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයාට මෙන්ම ඇෆ්ගනිස්තාන පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස්ට ද සියයට 15ක තරග ගාස්තු කපා හැරීමේ දඬුවමක් පනවා ඇත. එලෙස සුළු දඩුවමක් පැනවූ ගුරුබාස් පිත්තේ ඉහළ මිට කොටසේ රබර් ආවරණය මාරු කිරීමට යෑමේදී හැනිබල් විනිසුරු එසේ නොකරන ලෙස දැනුම් දුන්නද, පිතිකරු එයට අවනත නොවීම හේතුවෙන් මේ තීරණයට එළැඹ තිබේ.
විස්සයි20 අයිසීසී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින වනිඳු හසරංග මාස 24ක කාලයක් තුළ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීමේ වැරදි සම්බන්ධ ලකුණු 5ක් (demerit points) දක්වා ඉහළ යෑම හේතුවෙන් ඔහුට තරග දෙකක තහනමක් පැනවිය. මේ දඬුවමට හසරංගගේ පෙර වැරදිවලින් වාර්තාවී ඇති වැරදි ලකුණු ද එක්කොට ඇත.
හසරංගගේ හා ගුර්බාස්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇති අතර, ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්විය. වෙන වෙනම පැවති මේ පරීක්ෂණවලදී වනිඳු හා ගුර්බාස් යන දෙදෙනාම තමන් කළ වරද පිළිගෙන ඇත.
ක්‍රිකට් ක්‍රීඩකයකුට වැරදි සම්බන්ධ ලකුණු 5ක් (demerit points) දක්වා ඉහළ යෑමේදී ටෙස්ට් තරගයක්, එක්දින තරග දෙකක් හෝ විස්සයි20 තරග දෙකක්, සඳහා තහනමක් පැනවිය හැකි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස හසරංගට ඉදිරි ආසන්නතම කාලයේදී උදාවන බංග්ලාදේශයට එරෙහි මුල් විස්සයි20 තරග දෙකට සහභාගි වීම තහනම් වේ.
මෙයට පෙර 2023දී බුලවායෝහි ක්වීන්ස් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයට එරෙහිව පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී අයිසීසී ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් වනිඳු හසරංගට තරවටු කළේය. එය මාස 24ක කාලයකදී දෙවැනි වරද වූ හෙයින් වැරදි සම්බන්ධ ලකුණු ඔහුගේ නමට එහිදී එකතු වී තිබිණි.
ඇෆ්ගනිස්තානය සමඟ දඹුල්ලේ පැවති තරගයේ අවසන් ඕවරයේ 4 වැනි පන්දුවේදී කමිදු මෙන්ඩිස්ගේ ඉණට ඉහළින් යන ‘ෆුල්ටොස්’ පන්දුවක් විනිසුරු විසින් ‘නෝබෝල්’ පන්දුවක් …read more
Source:: Dinamina