නිරෝධායන මධ්‍යස්ථානයකට අත දුන් ඇඹිලිපිටියේ හිත හොඳ මිනිස්සු.

ගෝලීය ආපදාව නිසා රෝගීන් වූ මිනිසුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයක් තමන්ගේ ගමේ ආරම්භ කරනවා යැයි දැන ගත් වහාම බොහෝ දෙනා එයට විරෝධය දක්වති. ඒ ඔවුන්ගෙන් ගමටපැතිරේවිය යන බිය නිසාය. එහෙත් තමන්ගේ හෝටලය, උත්සව ශාලාව, නැතහොත් වෙනත් භූමියක් නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා පිරිනැමූ පුද්ගලයන් පිළිබඳවද පසුගිය කාලයේ වාර්තා විය. ඇඹිලිපිටියෙන්ද එවැනි ආදර්ශයක් ලබාදීමේ පුවතක් අපට පසුගියදා සැලවිය.

ඇඹිලිපිටිය ගෝලීය ආපදා ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළේ මීට මාස දෙකකට පමණ පෙරය. ඒ ඇඹිලිපිටිය දිසා මහ රෝහල යටතේ පවතින මධ්‍යස්ථානයක් ලෙසය. එහි පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ යුධ හමුදාව විසිනි.

මෙම මධ්‍යස්ථානය ආරම්භ කරද්දීද ගමේ ඇතැමෙකුගේ විරෝධතා මතුවිය. එහෙත් ගමේ තරුණ පිරිසක් මැදිහත්ව එම විරෝධය යටපත් කරමින් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගමේ ජනතාවගේ සහයෝගයෙන් එකතු කර තිබේ. ඉතා සුළු පිරිසකගේ එකතුවෙන් ආරම්භ කළ සත්කාර්යයට මේ වනවිට පනහක පමණ පිරිසක් එක්ව සිටින අතර තවත් සීයක පමණ පිරිසක් එකතුවීමට කැමැත්ත පළ කරන තත්ත්වයට එම සහයෝගිතාව වර්ධනය කරගැනීමට ගමේ තරුණ කණ්ඩායම සමත්ව තිබේ.

මේ වනවිට මූලික ආහාර වේල හා වෙනත් මූලික අවශ්‍යතා රජයෙන් සැපයෙන අතර තේ පානයට අවශ්‍ය සීනි, කිරිපිටි, තේ කොළ, වතුර රත්කිරීමට අවශ්‍ය විදුලි කේතල ආදී දේවල්, අමතර පානයන් සඳහා අවශ්‍ය කරන දේවල් වැනි ද්‍රව්‍ය ලබාදීමට මේ තරුණ පිරිස කටයුතු කර තිබේ. මාසිකව අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය එකවර ලබාදීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.

මෙවැනි ස්ථානයකට කොටුවන පුද්ගලයකුගේ මානසිකත්වය තේරුම් ගැනීම පහසු වන්නේ නැත. ඇතැමෙක් මේ රෝගයට ශක්තිමත්ව මුහුණ දෙන අතර බොහෝ දෙනා මෙවැනි අවස්ථාවක මානසිකව කඩාවැටෙති. විශේෂයෙන්ම පවුලේ අයගෙන්, හිතවතුන්ගෙන් වෙන්ව සති දෙකක් හෝ තුනක් ගත කරන්නට සිදුවීම මානසිකව දරාගැනීම පහසු නැත. තමන් තනි වුණා වැනි හැඟීමක් ඇතිවිම වැළැක්විය නොහැක. ඒ නිසා ඔවුන්ගේ මානසිකත්වය ගොඩනැගීම කඩා වැටීමට නොදී පවත්වාගෙන යාම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරන්නට සිදුවේ. විශේෂයෙන්ම මෙවැනි මධ්‍යස්ථානවලට යොමු කරනු ලබන්නේ වෛරස ආසාදිතයන් වුවත් ඔවුහු රෝගීන් නොවේ. ඒ නිසා ඔවුන්ට එක තැන එක විදිහකට සිටීමට නොහැකිය. එහාට මෙහාට එක දිගට ඇවිදිමින් සිටීමද පහසු නැත.

මෙයට ප්‍රතිකර්මයක් ගමේ තරුණ කණ්ඩායම තෝරාගත්හ. ඒ ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසාදීමය. ඒ අනුව ඔවුහු කැරම් බෝඩ්, චෙස් …read more

Source:: Ape Rata