ඊයේ වාර්තා කළ කොරෝනා මරණ 09 ගැන යුද හමුදාපතිවරයාගෙන් පැහැදිලිකිරීමක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරන 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකකදී වාර්තා වූ ඒවා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

එම මරණවල පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා තිබෙන බවයි යුද හමුදාපතිවරයා පවසා සිටියේ.

රූපවාහිනි නාලිකාවක අද පෙරවරුවේ සාකඡ්චාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සබැඳි පුවත

The post ඊයේ වාර්තා කළ කොරෝනා මරණ 09 ගැන යුද හමුදාපතිවරයාගෙන් පැහැදිලිකිරීමක් appeared first on Colombo Times.

…read more

Source:: Colombo Times