UNP ජාතික ලැයිස්තු මන්ත්‍රි නම් කිරීම හෙට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න හෙට දිනයේදී තීරණය කිරීමට නියමිත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

ප්‍රතිසන්ධාන කටයුතු සමග පක්ෂය තුළ සිදුවන වෙනස්කම් ජනවාරි මාසය වන විට ජනතාවට දැකගත හැකිවන බවද රුවන් විජේවර්ධන මහතා සදහන් කළා.

පසුගිය අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණයේ ප්‍රථිඵල අනුව එක්සත් ජාතික පක්ෂය සමස්ත දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 249,435ක්. ඒ අනුව ඔවුන්ට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

The post UNP ජාතික ලැයිස්තු මන්ත්‍රි නම් කිරීම හෙට appeared first on Colombo Times.

…read more

Source:: Colombo Times