”කොස් මල්ලිගේ බෙල්ල කඳෙන් වෙන්කරන්නම තීරණය කළා” – මධූෂ් වැමෑරූ බිහිසුණු රහස් ඔහුගේ වචනයෙන්ම

මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය. පසුගිය කාලය පුරාම මාකඳුරේ මධුෂ්ගේ නියෝග උපදෙස් මත මෙරට සිදුවූ දරුණු අපරාධ ප‍්‍රමාණය අති විශාලය.

මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් මෙන්ම හෙරොයින් ජාවාරමේ අගරජු ලෙස සිටියේද මාකඳුරේ මධුෂ්ය.

මධුෂ් අත්අඩංගුවට පත්ව වසරකට අධික කාලයක් රඳවා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේය.

ඒ කාලසීමාව තුළ මධුෂ්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලින් කිසිවක් අනාවරණය කරගෙන තිබුණේ නැහැ. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන්නේ ඉන් පසුවය. අපරාධ කොට්ඨාසය තුළ ප‍්‍රශ්න කිරීම්වලදී මාකඳුරේ මධුෂ් තමන් සිදුකළ අපරාධවලට අදාළ තොරතුරු රැසක් අනාවරණය කළේය.

මාකඳුරේ මධුෂ් ඝාතනය වීමට දින දෙක තුනකට උඩදී තමන් වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ සියලූම අපරාධවලට අදාළ රහසිගත තොරතුරු රාශියක් එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හමුවේ හෙළි කළේය. මෙම හෙළිදරව්ව පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ සිදු කෙරිණි. මෙවර පළවන්නේ මාකඳුරේ මධුෂ් මෙම උසස් පොලිස් නිලධාරියා හමුවේ හෙළි කළ තම අපරාධ චාරිකාවට අදාළ පාපොච්චාරණයෙන් උපුටාගත් තොරතුරු අනුසාරයෙන් සකස් කළ ලිපියකි.

මාකඳුරේ මධුෂ්ගේ තියුණු දෑස් උසස් පොලිස් නිලධාරියා වෙත යොමුව තිබුණේය. උසස් පොලිස් නිලධාරියාගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ මධුෂ්ට තවදුරටත් නිහඬව සිටීමට හැකි වුණේ නැත. මෙරට පාතාල අපරාධ ඉතිහාසයේ ඉතාම මිලේච්ඡතම ඝාතනවලින් එකක් ලෙස සැලකෙන්නේ කොස් මල්ලී නමැත්තා ඝාතනය කර ඔහුගේ සිරුරෙන් වෙන් කළ හිස කොටස අලූත්කඬේ අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දැමීමය. කොස් මල්ලී ඝාතනය කිරීමට හේතුපාදක වූ කරුණු මෙන්ම ඔහු මරා දැමූ ආකාරය මධුෂ් පියවරෙන් පියවර හෙළි කළේය. සර්… රිස්කාන් මුස්ලිම් මිනිහෙක් වුණාට ඌ මට මගේම සහෝදරයෙක්. රිස්කාන්ව මරාපු දවස මට මගේ ජීවිතේ කිසිදාක අමතක වෙන්නෙ නැහැ. ඌව මතක් වෙද්දී තාමත් මගේ ඇස්වලට කඳුළු පිරෙනව සර්…

මාකඳුරේ මධුෂ් කඳුළින් තෙත්වූ දෑස් දෑතීන්ම පිස දමමින් කීවේය. අවුරුදු හය හතක් හිරේ ලැගලා ඉඳලා යන්න එන්න තැනක් නැතිව ජීවත් වෙන්න විදිහක් නැතිව කොටින්ම කිසිම රැකවරණයක් නැතිව ඉන්න කාලේ මට පිහිටවුණේ රිස්කාන්. ඌ නිසා මං ලෝකේ විඳින්න තියෙන සියලූම සැප සම්පත් වින්ඳා. ලීසිං කොම්පැණි කොල්ල කාලා, ඩැනී හිත්තැටියගේ මහත්තයගේ මස්සිනා මරලා අවුරුදු හය හතක් මීගමුව බන්ධනාගාරේ ලැගලා ඉඳලා මං එළියට ආවේ නන්නන්තාර වෙලා සර්… …read more

Source:: Kubiyo News