මහ නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද – වාහන ධාවනය සීමා කරයි

අපවත් වී වදාළ  රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ මාර්ග කිහිපයක වාහන ධාවනය සීමා කිරීමට සිදුවන  බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රිඩාංගනය මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද දින දහවල් 12.00 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ නත්තරම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනාගමනය සීමා කරන බව පවසයි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස මහියංගන, හසලක සිට මහනුවරට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැණික්හින්න පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසටත්, මහනුවර සිට හසලක ,මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ ,නත්තරම්පොත , 621 හංදියෙන් හරවා යක්ගහපිටිය,කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව සදහන්.

…read more

Source:: News 24