කොවිඩ් සහ ආර්ථික අභියෝග ජයගත් ‘වියට්නාමය ලංකාවට කියා දෙන පාඩම’

vietnam

මේ වසර ඇතුළත ආර්ථික සංවර්ධන මාවතේ ගමන් ගනිමින් සිටින ගිනිකොණ ආසියාවේ එකම රට බවට පත්වෙමින් කොරෝනාවසංගතය මැද ආර්ථික හානිය අවම කරගත් එකම රට බවට වියට්නාමය පත්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් නිකුත්කරනු ලැබ ඇති අලුත්ම සංඛ්‍යා සහ තොරතුරු අනුව වියට්නාම් ආර්ථිකය මෙම වසර තුළ 2.4%ක ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වෙයි.

“COVID-19 වසංගත තර්ජනය මැද රටේ මහජන සෞඛ්‍ය මෙන්ම ආර්ථිකය බිඳ වැටීමෙන් තොරව පවත්වා ගැනීමට වියට්නාම් බලධාරීන් විසින් ගන්නා ලද තීරණාත්මක පියවර ඔවුන්ගේ සාර්ථකභාවයට හේතු වී ඇතැයි,” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වියට්නාම් ඇගයුම් වාර්තාවේ සඳහන් වෙයි.

මේ දක්වා (නොවැම්බර් 19) වියට්නාමයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,288ක් වන අතර මරණ සංඛ්‍යාව 35ක් පමණි.

“දේශීය ආර්ථිකය සාමාන්‍ය තත්වයට ගෙනෙනු ලැබීම සහ විදේශීය ආර්ථික ගනුදෙනු අඛණ්ඩව පවත්වාගෙනයාම මගින්,” 2021 වසර ඇතුළත වියට්නාම් ආර්ථිකය ශක්තිමත් වනු ඇතැයි අනාවැකි පළකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එරට ආර්ථික වර්ධන වේගය 6.5% ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

බොහෝ පොහොසත් රටවල පවතින සෞඛ්‍ය යටිතල පහසුකම් වියට්නාමයේ දක්නට නැති නමුත් COVID-19 වසංගත තර්ජනය ආරම්භයේදීම මහජන සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ගන්නා ලද පියවර පුළුල් මට්ටමින් අගයකරනු ලැබීමට ලක්විය.

COVID-19 පිරික්සුම් උපකරණ කට්ටල නිපදවා ගැනීමට වහා පියවරගත් වියට්නාමය සංයුක්ත මූලෝපායික පරීක්‍ෂණයක් සහ ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කර ගැනීමට හේතුවෙන පරිදි වහාම ඔවුන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කළේය.

මෙම වසරේ වියට්නාම් ආර්ථිකයේ මන්දගාමී වීමක් පෙන්නුම් කරන අතරවාරයේ වැඩෙමින් පැවති වියට්නාම් සංචාරක කර්මාන්තයට ද පහර එල්ල වූ නමුත් වසංගතයේ බලපෑමට හසුව රටේ ආර්ථිකය නරක අතට හැරීමෙන් වළක්වා ගැනීමට ඔවුහු පියවර ගත්හ.

“වියට්නාමය කියන්නේ බලමුළු ගැන්විය හැකි සමාජයක්,”නිව් සවුත් වේල්ස්, කැන්බරා විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කාල් තේයර් පවසයි.

ලෝකය ගෙදර සිට වැඩ කිරීමෙන් වියට්නාමය ලද හදිසි වාසිය

වියට්නාමය කේන්ද්‍රකරගත් ආයෝජන සමාගමක් වන ‘විනාකැපිටල්’ (Vinacapital) නම් සමාගමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන මයිකල් කොකලාරි (Michael Kokalari) ප්‍රකාශකරන පරිදි ඉහත කී ආර්ථික නැග්මට කරුණු ගණනාවක් ඇත.

ඔහුට අනුව, ඇතැම්විට බෙහෙවින් අපේක්ෂා නොකළ මට්ටමේ ආර්ථික ලාභයකට හේතුව ලොවපුරා ගෙදරදොරේ සිට වැඩකරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මහාපරිමාණයෙන් වැඩිවීමය.

“මිනිස්සු ගෙදර සිට වැඩ කිරීම සඳහා අලුත් …read more

Source:: Lanka E Press