ස්ලේවෝයී ශිෂෙක් රචිත – වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත – පර්වර්තනය සුමිත් චාමින්ද  

දෙවන කොටස 
පරිවර්තකගේ හැඳින්වීම 
ශිෂෙක් “වසංගතය 2” කෘතිය ආරම්භ කරන්නේ වත්මන් අර්බුධය කෙරෙහි අප ප්‍රතිචාර දක්වන ආකාරයන් පිළිබඳ විචාරාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කරමිනි. පළමුවෙන් ඔහු පෙන්වා දෙන්නේ යුරෝපීය සහ එක්සත් ජනපද සමාජයන් තුළ ලොක් ඩවුන් කිරීම්වලට එරෙහි විරෝධතා මතුවන්නේ දේශපාලනිකව එකිනෙකට වෙනස් ප්‍රවණතා කෙරෙන් බවයි. එක්සත් ජනපදය තුළ ලොක් ඩවුන් විරෝධය අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම්වල සටන් පාඨයක් වන විට ප්‍රංශය තුළ එය  වාමාංශයේ උදෘතයක් බවට පත් වේ.

නමුත්, ඔහු වසංගතය පිළිබඳ තම පළමු කෘතියේදී අවධාරණය කළ පරිදිම මේ කෘතියේදීද දරන ස්ථාවරය වන්නේ වසංගතයේ අභියෝගයට මුහුණ දීම සඳහා ඇතැම්විට අපට අපගේ පුද්ගලික නිදහසට බාධා කෙරෙන ආකාරයේ ක්‍රියාමාර්ග සමග පවා එකඟ වන්නට සිදු වන බවයි. නමුත්, ඒ අතරම ඔහු වසංගතය මැඩලීමේ මුවාවෙන් අධිකාරීවාදී රාජ්‍ය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයන් ගැනද අවධානය යොමු කරයි. අප වසංගතයට අදාළව කෙරෙන රාජ්‍යයේ මැදිහත්වීම් පිළිපැදිය යුත්තේ රාජ්‍යයේ අධිකාරීවාදී යාන්ත්‍රණයන් ශක්තිමත් වීමේ අනතුර ගැනද දැනුවත්භාවයකින් යුක්තවය. ශිෂෙක් මෙහිදී විවේචනාත්මක වන්නේ පුද්ගලික නිදහස සහ අයිතීන් පිළිබඳ වියුක්ත දෘෂ්ටිකෝණයෙන් පමණක් සමකාලීන ගෝලීය වසංගතය තේරුම් කරන්නට ප්‍රයත්න දරන ලිබරල්වාදී ප්‍රවේශය පිළිබඳව බැව් සිහි තබා ගත යුතුය. ඒ වෙනුවට ඔහු අවධානය යොමු කරන්නේ වසංගතයේ අභියෝගයට මුහුණ දිය හැකි ප්‍රායෝගික විසඳුම් මොනවාද යන ප්‍රශ්නය කෙරෙහිය; ශිෂෙක් මෙම කෘතිය තුළදීද අවධාරණය කරන්නේ (විශේෂයෙන්ම කාලගුණ විපර්යාසයේ අභියෝගයට අදාළව) ඔහු කලක පටන්ම කියමින් සිටි ගෝලීය සහයෝගීතාව මත පදනම් වූ විසඳුමක අවශ්‍යතාව ගැනය.
ශිෂෙක්ගේ බුද්ධිමය මැදිහත්වීමේ ඇති වැදගත් මානයක් වන්නේ එක් අතකින් වසංගතයට අදාළ ඉතාම ප්‍රායෝගික ගෝලීය විසඳුමක් සෙවීමට දායක වන අතරම අනෙක් අතින් දැනට ඉදිරිපත් වී තිබෙන විසඳුම් පිළිබඳ මූලධාර්මික ප්‍රශ්නද මතු කිරීමය. මෙම පරිච්ජේදය තුළ ඔහු විසින් මතු කරනු ලබන එවන් මූලධාර්මික ප්‍රශ්නයක් නම් ධනවාදය තුළ පුද්ගලික තෝරා ගැනීමේ නිදහස යන්න කොතරම් නිර්මානුෂික අන්තයක් කරා ගමන් කළ හැකිද යන්නයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ කම්කරු ජනයා හට වත්මනෙහි තෝරා ගැනීමට ඇති ප්‍රායෝගික විකල්පයන් දෙක වන්නේ එක්කෝ ජීවනෝපාය රැක ගැනීම වෙනුවෙන් වෛරසයට නිරාවරණය වීම නැතහොත් වෛරසයෙන් බේරීම පිණිස ජීවනෝපාය අහිමි කර ගැනීම යන්නයි. ලොව සෙසු තැන්වල තත්ත්වයද මෙයින් වෙනස් නැත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් …read more

Source:: Lanka Target