පන්සලේ ඉන්න බැහැ කියලා ගෙදර ගියාම අම්මා මාව බෝල අත්ත අරන් එළෙව්වා.

පන්සලේ ඉන්න බැහැ කියලා ගෙදර ගියාම අම්මා මාව බෝල අත්ත අරන් එළෙව්වා.

රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන පේමසිරි මාහිමි

(අපවත්වි වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අග්ගමහ පණ්ඩිත ,අතිපුජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේ සමඟ 2017 ජුනි 18 දින “ඉරිදා ලක්බිම ” පුවත්පතට මා කළ සාකච්ජාවේ කොටසකි මේ.මහනාහිමියන්ට උපහාර පිණිස සටහන් කරමි.මෙම සාකච්ජාව මා විසින් සංස්කරණය “ගුරුපා⁣රෙන් බෝ මළුවට” කෘතියටද ඇතුළත් කෙරිණ.)

මහනායක හාමුදුරුවන් උපන්නේ.?

මම උපන්නේ 1922 නොවැම්බර් 30 වෙනිදා.ඒ කාලේ ඉතින් අපේ ගම්වල ඔය පහසුකම් එහෙම නැහැනේ.ඒත් ගහකොළ සතා සිව්පාවුන්ගෙන් ගම පිරිලා තිබුනේ.

ඔබ වහන්සේගේ පවුලේ විස්තර..?

මගේ අප්පච්චි ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා.මගේ
මෑණියෝ හිටිබණ්ඩාර මුසියන්සේලාගේ බණ්ඩාර මැණිකේ.මගේ ගිහි නම ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර.අපේ පවුලේ අට දෙනෙක් හිටියා.ගෑනු එක්කනෙකයි.පිරිමි හතයි.

පාසල් අධ්‍යාපනය ලැබුවේ..?

මට අකුරු කියෙව්වේ නාපාන ගොරොක්ගහ කුඹුරේ ආර්.එම්.විජේතුංග මාතාව.ඒ කාලේ එතුමිය තමයි ගමේ ගොඩක් ළමයින්ට අකුරු කියෙව්වේ.පස්සේ වලල විදුහලට හා ගුන්නෑපාන විදුහලට මාව ඇතුළත් කළා.

ඒ කාලේ ගමන් බිමන් එහෙම දුෂ්කරයිනේ..?

අපෝ ඔව්..ලොකුම වාහනේ ඉතින් කරත්තේ තමයි.ගොඩක් ගමන් බිමන් යන්නේ පයින්.රෑට හුළුඅතු පත්තු කරගෙන යනවා මම ස්කොලේ ගියෙත් සැතැපුම් තුනක් විතර පයින්මයි.හැමදාම මෙහෙම පයින් යන්න එන්න ගියාම මට ස්කෝල ගමනත් එපා වුණා.

ඉතින් මොකද වු⁣⁣ණේ මහානායක හාමුදුරුවනේ ..?

අපේ අප්පච්චි ඒකට වැඩපිළිවෙළක් යෙදුවා.හුරීකඩුව උදුම්බරාරාමයේ නිර්මාතෘ තෙලිපැහැ සිරි සීලවංශාසභ අනුනායක හාමුදුරුවෝයි මගේ අප්පච්චියි හොඳ මිත්‍රයෝ.හුරිකඩුව පන්සල ලගම තියෙන ස්කෝලෙට මාව බාර දුන්නා.හැබැයි ස්කෝලෙට දැම්මේ මාව මහණ කරනවා කියන පොරොන්දුවත් එක්කමයි.මටත් ඒ ගැන තේරුමක් තිබුණෙත් නැ.

නිවසේ ඉන්න කාලේ ගමේ යාළුවෝ එක්ක එකතුවුණාද..?

ගෙදර ඉන්නකොට මට අවුරුදු දහයක් වගේනේ.ගමේ කොල්ලෝ කුරුට්ටෝ එක්ක එකතුවක් තිබුණා.ඒත් අපේ අම්මා සැරයි.ඉතින් වැඩිය දඟ වැඩ බැ.ඒ කාලේ හරි විනෝදයි.ගමේ ඔිනේ තරම් පලතුරු තිබුණා.

කොහොමද පන්සල් ජිවිතයට හුරුවුණේ..?

මට ඒ්කට කාලයක් ගියා.අම්මා අප්පචිචිගෙන් වෙන්වෙලා සහෝදර පිරිසගෙන් වෙන්වෙලා ඉන්නකොට නිතරම ගෙදර මතක්වුණා.මගේ හිත නිතරම කිව්වේ ගෙදර දුවපං කියලා.

ඉතින් මොකද වුණේ මහානායක හාමුදුරුවනේ ..?

අනේ මට තවත්නම් පන්සලේ ඉන්න බැහැ කියලා මම ලොකු හාමුදුරුවන්ටත් හොරෙන් දවසක් ගෙදර ගියා.මම යනකොට අම්මා බෝල.අත්තෙන් මිදුල අතුගගා හිටියේ.මාව දැක්ක ගමන් අම්මාට කාරණය තේරුණා.මෙන්න පුතණ්ඩියා මහණ වෙලත් ඇවිල්ලා කියලා අම්මා බෝල අත්ත උස්සගෙන මගේ පස්සෙන් එලෙව්වා.මම පණ …read more

Source:: Kubiyo News