කාන්තාවන් දෙදෙනකු නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක්.. වහා පරීක්ෂණ ඇරඹෙයි

කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසකට පසුගිය 24 වැනිදා රාත්‍රියේ කාන්තාවන් දෙදෙනකු නවාතැන් ඉල්ලා පැමිණ තිබෙන අතර එම නිවෙස් හිමි කාන්තාව ඔවුනට නවාතැන් ලබා දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එදින රාත්‍රියේ බල්ලන් බුරන හඬ ඇසී ගෙහිමි කාන්තාව විපරම් කිරීමේ දී එම ආගන්තුක කාන්තාවන් දෙදෙනා අතුරුදන්වව ඇති බව එම කාන්තාවට වැටහී තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා නිදා ගත් ස්ථානයේ තිබී රුපියල් පන්දහසේ නෝට්ටුවක් ,සිම් පත් දෙකක්, ලියුම් කවර හතරක් හා තර්ජනාත්මක වැකි සහිත ලිපිය හමුවී තිබෙන්නේ ඉන් අනතුරුවයි.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ “ආගම අපේ හුස්මයි”,”හෙට ළමයින් පාසල් යවන්න එපා” යනුවෙන් සහ “අපි තැන් කීපයක බෝම්බ තියලා තියෙනවා” මෙන්ම “මේ ලිපිය සම්බන්ධව වෙන අයෙකු දැනුවත් කළොත් මරනවා”ලෙසටයි.

මෙම සිදුවීමෙන් අනතුරුව නිවෙස් හිමි කාන්තාව කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර ඉන් පසු ක්‍රියාත්මක වූ කිලිනොච්චිය පොලිසිය විසින් මෙම සිදුවීමට අදාල කාන්තාවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

 

The post කාන්තාවන් දෙදෙනකු නිවසක් තුළ දමා ගිය තර්ජනාත්මක වැකි සහිත ලිපියක්.. වහා පරීක්ෂණ ඇරඹෙයි appeared first on Kubiyo News.

…read more

Source:: Kubiyo News