ජනපති උපදෙසින් ගුවන්තොටුපොල ප‍්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප‍්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර පැවැතිය ද ප‍්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව සදහන්.

ප‍්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ‍්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ අදාළ උපකරණ විශේෂ මගීන් හා ප‍්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.

ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතාට සිය කැමැත්තෙන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කිරිමට පක්ෂ නායක රැස්වීමේදි අනුමැතිය හිමිව තිබෙනවා.

The post ජනපති උපදෙසින් ගුවන්තොටුපොල ප‍්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24