පුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු

 ranil wickramasinghe federalism current politics in sri lanka

-ගාමිණී වියන්ගොඩ-

බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කරඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට එක දොඩම් ගෙඩියක්වත් අතේ නොරැඳෙයි. ජනාධිපතිවරයා බලයට පත්ව තවම අවුරුද්දක්වත් නැත. ඔහුට එම තනතුරේ තව සිටිය හැකි කාලය අවුරුද්දකට ටිකක් වැඩි විය හැකියි. අපේ ජාතික ප්‍රශ්නය අඩු වශයෙන් අවුරුදු 75 ක්වත් පැරණියි. ජාතික ප්‍රශ්නයක් යනු, නීතියක් සංශෝධනය කිරීමෙන් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා, දූරදර්ශී නායකත්වයක් සේම, විචාරශීලි ජනතාවක් සහ සමාජයක්ද අවශ්‍ය කෙරේ. ඒවා අපට නැති නිසා, දශක හතකටත් වැඩි කාලයක් තිස්සේ එය ඔඩුදුවමින් පවතී. මේ ප්‍රශ්නය අදවත් විසඳාගැනීමට බැලිය යුත්තේත් ඒ නිසාම නොවේදැයි කෙනෙකු ඇසිය හැකිය. ඇත්ත, ඒ ගැන විවාදයක් නැත. එහෙත්, ප්‍රශ්නයක් සඳහා විසඳුමක් සොයායාමේ මාර්ගය ප්‍රායෝගික විය යුතුය. විශ්වසනීය විය යුතුය.

රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකත්වයට පත්වීම සන්සන්දනය කිරීම සඳහා පූර්වාදර්ශයක් සොයාගැනීමට නැත. ඔහුගේ පත්වීම අතරමැදි එකකි. එවැනි අහම්බ පත්වීමක වාසි මෙන්ම අවාසිද තිබේ. පවතින සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගත් විට, දෛනික කළමණාකාරීත්වයක භූමිකාවකට එහා කිසිවක් කිරීමට පුළුවක්කමක් ඔහුට ඇතැයි නොපෙනේ. අප මුල පටන්ම පෙන්වා දෙන, ඔහුට නැති ‘සුජාත භාවය’ පිළිබඳ ප්‍රශ්නයට අමතරව, සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින කඳවුරක සහයෝගය ඔහුට නොමැති වීම, ඔහුගේ සමස්ත පාලනයේ දුර්වලත්වයට ප්‍රධාන හේතුවකි. ඔහු රඳා සිටින්නේ රාජපක්ෂ කඳවුර මත ය. එය, මහජන අරගලයක් මගින් පන්නා දැමූ කඳවුරකි. හෙවත්, ඔහුටත් වඩා ‘සුජාත භාවය’ අහිමි කරගෙන සිටින කඳවුරකි. ඔහුට ජාතික ප්‍රශ්නය විසඳීම වැනි මහා ආඛ්‍යානයක් ගැන සිතන්ට සිදුවන්නේ ඔවුන් සමග ය.

පසුගිය පෙබරවාරි 4 වැනිදා වන විට අපේ ජාතික ප්‍රශ්නය ඉවරයක් කරමියි කීමට තරම් ඔහු සාහසික වීම, ඔහුගේ සත්භාවය මුලින්ම ප්‍රශ්න කෙරුණු මොහොතයි. එවැනි දින වකවානු සහිතව වැඩේට අතගැසීමම ප්‍රශ්නකාරී ය. යලට මහට දුවන දුම්රිය සේවයක තිබෙන කාලසටහනක් පවා යථාර්ථවාදී විය යුතුය. කෙසේ වෙතත්, දෙමළ පාර්ශ්ව සමග ඔහු තවමත් කතා කරයි. එය නරක නැත. එහෙත් රඟපෑමක් විශිෂ්ට වන්නේ, නිරූපණය විශ්වසනීය වූ විට ය. එවැන්නක්, ජනාධිපතිවරයාගෙන්වත්, ඔහු සමග දැනට සාකච්ඡා කරන දෙමළ පාර්ශ්වයන්ගෙන්වත් පෙනෙන්ට නැත.

කළ හැකි දෙයක් මෙන්න

එහෙත් …read more

Source:: Aithiya