ඇඹිලිපිටියට හා සෙවණගලට තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්

අපනයනය ඉළක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් අපනයන වගා ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද අගුනකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සදහන් කළා.

ඇඹිලිපිටිය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක හා සෙවනගල කැවෙන්ඩිෂ් කෙසේ ව්‍යාපෘතිය අක්කර 400ක ද වශයෙන් ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව රුපියල් මිලියන 150ක වියදමින් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් බරවකුඹුක ප‍්‍රදේශයේ ඉදි කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

The post ඇඹිලිපිටියට හා සෙවණගලට තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක් appeared first on News 24 | Sitha 88.8.

…read more

Source:: News 24